
(ඩයනා උදයංගනී)
ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) මගින් සිදුකළ ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්‍ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
නමුත් ඉන්ධන මිල ඉහළ නැංවීමක් ගැන රජය මෙතෙක් සාකච්ඡා නොකළ බව ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
අයි.ඕ.සී සමාගම ගත් තීරණය හේතුවෙන් ගැටලුවකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා ද පවසා තිබූ බව ඇමතිවරයා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල ඉහල නංවන්න හරි තෙල් තියෙන්න එපැයි .තියනවද ? කී දවසකටද ?
ඕකත් වැඩි කරලා දාන්න .එතකොට හරි ..අපිට ඉන්න රටක් විතරයි ඕනේ
ඒගොල්ලෝ වැඩිකරයි කියලා මේ ගොල්ලොත් වැඩිකරන්නේ කුමකටද?
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳන් හොඳ දෙයක් නම් අහන්න ලැබුණේ නැත...