
(සුජිත් හේවාජුලිගේ )
පවතින මූල්‍යමය තත්වය අනුව ආණ්ඩුව තෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
තෙල් මිල වැඩි නොකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන පවත්වා ගෙන යා නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කරන්නේ ව්‍යාපාර කටයුත්තක් හෙයින් තෙල් වැඩිමිලට ලබාගෙන අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීමට මේ නිසා ඔවුනට හැකියාවක් නැති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.
ඉන්දියාවේ තෙල් මිල ගැන සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ තෙල් මිල පවතින්නේ ඉතාම අඩු අගයක බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉන්දියාව එවැනි ඉහළ අගයක් පවත්වාගෙන යන්නේ එරට ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් හරි අඩක් ලෙස පැවතියදී බවද ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල වැඩි කර ජීවන වියදම වෙනත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් කළමනාකරණය කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ බදු සහනයක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් පෙබරවාරි මාසය වනවිට ලබා තිබූ පාඩුව රුපියල් කෝටි 1100 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරන්න අපිට මොකෝ... අපිට ජාතික ආරක්ෂාව වැදගත්... මීට 69..
කතාව නම් ඇත්ත. ඉන්දියාවේ ප්‍රාන්ත අනුව තෙල් මිල වෙනස් වෙනවා. ශ්‍රී ලංකා රුපියල් නම් 258 සිට 290 දක්වා වගේ... ඇත්තටම ලංකාවේ මේ ඔරොත්තු නොදෙන තරම් සහන නිසාත්, අසීමිත යටිමඩි ගැහිලි නිසාත් කෙසේවත් ගොඩ ඒමක් නැහැ...
ඔව්..., ඔය ලෝක වෙළදපොලේ වැඩිවුණාම වැඩි කරන්න ඕනෑ තමයි. ඒකට නිසි ක්‍රියා පටිපාටියක් තියෙන්න ඕනෑ. මොකද අඩු වෙනකොට පරිප්පු, සැමන්වලට හිලව් කරලා, අන්තිමට ජාතියත් අමතලා දැන් පරිප්පු මිල එකකට එකක් වැඩියි. පෙට්‍රල් වලින් හිලව් වෙන කෙහෙම්මලකුත් නැහැ. වැඩි කළා වගේම අඩු වෙනකොට අඩු වෙන්නත් ඕනෑ. එතකොට අච්චර ස්ටොක් තියෙනවා, මෙච්චර ස්ටොක් තියෙනවා කතා එපා... හැබැයි, ඒත් එක්කම රජයේ ඉන්ධන පාවිච්චිය අඩු කළා නම් හරි. මෙයාලා පාවිච්චි කරන වාහනවල ඉන්ධන කොච්චර පාවිච්චි වෙනවාද කිලොමීටරයකට? අන්න ඒවත් සීමා කරලා මෙයාලාටත් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න කිව්වා නම් හරි..
ඔයාට නම් මොකද? පෙන්ෂන් එකයි, පඩියයි දෙකම ලැබෙනවා. ඔයා තමයි මේ විනාසෙ වැඩි කරන්නේ... අයින් වෙලා ගෙදර යන්න...
ඔයා ඉස්සර එජාපයේ ඉඳන් කෑවා. දැන් ආයෙත් මේකට ඇවිත් කනවා. ඔබලාට නම් මොකද? දුප්පත් මිනිස්සු අමාරුවේ... හෙණගහනවා...
එතකොට ඉන්දියාවේ වාහන මිල, බඩුමිල ගැන කතා කරන්නේ නැද්ද? ඇල්ටෝ එකක් ලංකාවේ සල්ලිවලින් ලක්ෂ 10 යි. මේවගේ පාලකයෝ රටට ශාපයක්...
මෙතෙක් පැවැති ආණ්ඩු හා පවතින ආණ්ඩු ඇතුළු ඔවුන්ගේ සහචරයින්, තෙලේ රසයෙන් සුරසැප හා සියලු දෙයින් සුඛිත මුදිත වන ලොකු ලොක්කන් ඇතුළු කණ්ඩායම්වලට පින්සිදු වන්නට එන්න එන්නම තෙල් මිල අඩුවී, බඩුමිල අඩුවී රට කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යයේ උපරිම මට්ටම තෙක් පත්වෙමින් පවතින බවයි. හරිම ආඩම්බරයි කබ්රාල් මැතිඳුනි ...
කබ්රාල් දන්නවද දන්නෑ ඉන්දියාවේ ආහාර පාන මිල කොහොමද කියලා, අනික ණය අරගෙන රට බංකොළොත් කළේ අපිට කන්න දීලා නෙවෙයි, ඔය ගොල්ලන්ම හොරා කාලා කියලා අමතක වෙලා ඇති නේද?
මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් කිසිම සෙතක් නැහැ. ආගම් වාදය නිසා බයියන්ට මේවා තේරෙන්නේ නැහැ.
තෙල් මිල වැඩි කරනවා නම් මිල සූත්‍රය ගෙන එන්න. එවිට කවදා හෝ ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩුවෙනකොට මෙහෙත් අඩු වෙනවා.