(ඩයනා උදයංගනී)
පොහොර නොලැබීම හේතුවෙන් තේ අස්වැන්නේ අඩුවක් සිදුව ඇති බව සත්‍යයක් යැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඉකුත් අගෝස්තු මාසයේ අස්වනු ගැටලුවක් සිදුවූයේ නැතත් මෙම මාසයේදී අස්වැන්නේ ක්රමානුකූල අඩුවක් සිදුව ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට අවශ්‍ය පොහොර ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරගෙන යන බැවින් අධෛර්යමත් නොවී වගාකටයුතුවල නිරත වන්නැයි තමා තේ වැවිලිකරුවන්ගෙන් මෙන්ම සෙසු ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ගුණාත්මකභාවයෙන් ඉහළ නංවමින් වගාව ප්‍රවර්ධනය කිරීමට රජය පියවර රැසක් ගෙන ඇතැයි කී ඇමතිවරයා වගාව දියුණු කිරීමට මිස ආපසු හැරවීමට කටයුතු නොකරන නිසා රජය ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි වගාකරුවන්ට දැනුම් දෙන බව ද පැවසීය.
කාබනික පොහොර නිෂ්පාදනයේ අඩුවක් රට තුළ ඇති නිසා අඩු ප්‍රමාණය ආනයනය කර ලබාදෙන්න සැලසුම් කර තිබුණත් ප්‍රමිතියේ තිබූ ගැටලු නිසා එය කරගැනීමට නොහැකි වූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
නැනෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කළ නයිට්රජන් පොහොර ඉක්මනින් ගෙන්වීමට මේ වන විටත් කටයුතු කර ඇති නිසා පවතින ගැටලු කඩිනමින් විසඳෙනු ඇතැයි ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පසුතැවිලි වෙලා පලක් නැත
දැන්ද තේරුනේ
උද්දච්චකම නිසා කොවිඩ්19 මරන 10,000 කින් ඉහල ගියා.
එතකොට පොල් පොහොර. තව අවුරුද්දක් යනව ඒක පෙනෙන්නට. එතකොට පරක්කු වැඩියි. පොල් ගෙඩියක ආයේ මාස 16 ක්.
අයියෝ ඉදිරියට තැබූ පය පස්සට ගන්නවද ඇමතිතුමා?
දියවන්නා බංගලාවෙ කට්ටියට දුර පෙනීම නැහැ කියන එක වගේම මොලයක් තියනවද කියන ප්රශ්නය යලිත් පසක් වුණා නේද? 69 ලක්ෂය සහ වහල් භාවය ගැන රටක් හැටියට ලැජ්ජා වෙනවද සතුටු වෙනවද කියන එක රට වැසියොම තීරණය කරපුවාවෙ.
මොලේ පෑදෙනකොට ඡන්ද කෝච්චිය ගිහින්.
මෙහෙම අයද මේ රට පාලනය කරන්නේ.
අත් දැකීම් සහිත යහපාලනය කාලයේ හිටපු ඇමතිවරයා ඔය ටික කියලා බොහොම කල් ඇමතිතුමා තව මාස කීපයකින් කෘෂිකර්ම ඇමතිවරයාත් ඔය ටිකම කියන්නෙ ගොවීන්ගේ වී අස්වැන්න අඩුවෙලා පාඩුව ගෙවන්න බැරිවුණාම අපි බලා හිටිමු.
සත්‍යය විරුද්ධවාදීන් කිවුවත් අගය කොට එය ඔස්සේ යාම බුද්ධිමත් නායකත්වයයි. උද්ධච්චකම නිසා වියත් මග පමණක් විශ්වාස කරමින් රටටම පාඩුවක් කොට ඇත. තේ අපනයෙන් ලැබෙන විදේශ විනිමයත් අඩුකර ගත්තානේද ? අවසානයේ ඩොලර් හිඟයි කියා බැට දෙන්නේ ජනතාවටයි. මින් ඉදිරියටවත් සත්‍යය වටහා ගෙන කටයුතු කිරීමට මොලය පෑදේවා !