
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් ඩොලර් නොමැති වීමෙන් ගොඩ බෑමට නොහැකිව දින තුනක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම් ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව ක්ෂණික ඇනවුම් ක්‍රමය යටතේ මෙම නැව් ගෙන්වා ගත්තද එහි ඇති ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා දැඩි අර්බුදයක් ඇති වී තිබෙන බව කී රංගෙ බණ්ඩාර මහතා මෙලෙස නැව් දෙක දිගටම නැංගුරම් ලා තබන්නට සිදු වුවහොත් එම ඉන්ධන සඳහා රැඳවුම් ගාස්තු ගෙවීමට ආණ්ඩුවට සිදු වන බව සඳහන් කළේය.
ඩීසල් නැවක් සහ පෙට්රල් නැවක් මෙලෙස වරායේ නැංගුරම් ලා තිබෙන බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.
දැනට ලංකාව සතුව ඉන්ධන සංචිත ඇත්තේ පෙට්රල් දින දහයකට සහ ඩීසල් දින හතකට පමණක් බවට ආරංචි මාර්ග තහවුරු කරන බව කී එජාප මහලේකම්වරයා මේ තත්ත්වය යටතේ ඉදිරියේදී උග්‍ර ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබට සතුටුයිද?
කවුරු රට කෙරුවත් රටට කෙලවෙනකොට නුඹලා සතුටින් තප්පුලනවා.. නුඹලා කෙළවනකොට, ඒව හොඳයි.. නොදකින් මෙහෙමත් දේශපාලුවන්..