(නිමල කොඩිතුවක්කු)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුවඉන්ධන ලීටර් ලක්ෂ 5ක 6ක පමණ සංචිතයක් තිබුනත් මේ වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇතැයි ද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා පැවසීය.
නියමිත පරිදි දුම්රිය ධාවනය වන්නේ නම් දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ඔහු සඳහන් කළේය.
මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ අද(25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශාල මඩ ව්‍යාපාරයක්... හැමදාම මොකක් හෝ අල්ලගෙන කොහෙවත් ඉන්න හාල්පාරුවන්ගේ මොකක් හෝ මාධ්‍ය සංදර්ශනයක් අල්ලලා ඒක මාධ්‍ය ප්‍රචාරය කරන දැන් එහෙම නොදෙන කතාවක් කිව්වාද? අද විතරයි විදුලිය හෙට විතරයි කියකිය සතිගාණක් ගියා. අන්තිමට ඒ හීනේ බොඳ වුණාම දැන් වෙන එකක් අල්ලාගත්තා. මේ වෘත්තීය සමිතිකාරයින්ව උල තියන්න ඕනේ... කාගෙ හරි මුදලකට කුලියට කහිනවාට...
ටිකට් දෙන්නේ නැතිව කෝච්චි දිවුවා.. ටිකට් දීපු කෝච්චි මග නතර කර... ආදායමක් නැතිව කොහොමද තෙල් ගන්නේ? ඔය කටින්ම ඒ ගැනත් පොඩ්ඩක් කිව්වොත් නරකද?
වෘත්තීය සමිතිකරුවන් කළ මෙවැනි ප්‍රකාශ සඳහා කිසිම ප්‍රසිද්ධියක් ලබාදිය යුතු නැහැ. ඊට හේතුව නම්, රටට ඉන්ධන ආනයනය කිරීම ඔවුන්ගේ වගකීමක් නොවීමයි.
ඕක මහ ලොකුවට කියලා කෑගහන්න අවශ්‍ය නැහැ. කවුරුත් දන්නවා ඩීසල් දුම්රිය, ඩීසල් මිස ඇල්වතුරෙන් දුවන්නේ නැති බව...