
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.
පසුගිය වසරේ පළමු මාස හය අවසන් වනවිට ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 191 ක හිඟ මුදලක් ලබාගත් තෙල් සඳහා ගෙවීමට තිබී ඇති බවත් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 130.96 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ පොරොන්දුව මත ගිවිසුම්ගතව ශ්‍රී ලංකාව ඉරානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පමණ තෙල් ලබාගෙන තිබිණි.
නමුත් එම ගිවිසුම ශ්‍රී ලංකාව කඩකළ බවට චෝදනා එල්ල වී තිබූ අතර එයට හේතුවී තිබුණේ ඉරානයට තේ ලබාදීම සඳහා අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තේ අලෙවි මණ්ඩලයට ලබා නොදී සිටීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වැරැදිකරුවන් සියල්ලටම දැඩි දඩුවම් කළ යුතුයි.
ගොබ්බ හොරු කරපු විනාශයක ඉතාම පොඩි කොටසකට වන්දිය තමයි ඔය....
අපේ රටට කොච්චර පාඩුවක්ද මේ කරලා තියෙන්නේ... ඔය හැමදේටම වන්දි ගෙවන්න වෙන්නේ දුප්පති මිනිස්සුන්ට...