
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.
පසුගිය වසරේ පළමු මාස හය අවසන් වනවිට ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 191 ක හිඟ මුදලක් ලබාගත් තෙල් සඳහා ගෙවීමට තිබී ඇති බවත් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 130.96 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ පොරොන්දුව මත ගිවිසුම්ගතව ශ්‍රී ලංකාව ඉරානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පමණ තෙල් ලබාගෙන තිබිණි.
නමුත් එම ගිවිසුම ශ්‍රී ලංකාව කඩකළ බවට චෝදනා එල්ල වී තිබූ අතර එයට හේතුවී තිබුණේ ඉරානයට තේ ලබාදීම සඳහා අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තේ අලෙවි මණ්ඩලයට ලබා නොදී සිටීමයි.
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි
don Thursday, 06 November 2025 09:36 AM
මේකට වැරැදිකරුවන් සියල්ලටම දැඩි දඩුවම් කළ යුතුයි.
කෞෂි Thursday, 06 November 2025 10:01 AM
ගොබ්බ හොරු කරපු විනාශයක ඉතාම පොඩි කොටසකට වන්දිය තමයි ඔය....
Dunnama kannam Sunday, 23 November 2025 12:10 PM
අපේ රටට කොච්චර පාඩුවක්ද මේ කරලා තියෙන්නේ... ඔය හැමදේටම වන්දි ගෙවන්න වෙන්නේ දුප්පති මිනිස්සුන්ට...