(මනෝප්රිය ගුණසේකර)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ ඊට අදාල ගිවිසුම බලරහිත කරන්නැයි ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියෝ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ගොනු කළහ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ට්‍රිංකෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ මෙවැනි තීරණයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දුන් පෙත්සම්කාර හිමියෝ මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බව පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මෙන්න බොලේ අලුත් ආප්තෝපදේශයක්. මේක මොන කරණයද? මුසල්මානු කරණය නම් නොවේ හාමුදුරුවනේ, තෙල් ටැංකි 91න් එකක් තියාගෙන මොන බම්බුවක් කරන්නද? බද්දට දීලා ගානක් හොයා ගන්නේ නැතුව. හමුදා මුලස්ථානය ඇතුළුව ඕවා අපි හැදුව ඒවා නොවෙයි, සුද්දා ජපනාගෙන් අපිව බේරගන්න කරපු වැඩ කොටසේ එක එපිසෝඩ් එකක්.
ඉන්දියාවේ බමුණෝ හරි කපටියි. මෙහෙ බමුණෝ ගොන් මෝඩයෝ. මේ ගිවිසුමෙන් කියනවලු ඔය අටවන ට්‍රින්කෝ පෙට්‍රොලියුම් සමාගම බිඳ වැටුනොත් ටැංකි 62 න් ඔවුනට හිමිවන ටැංකි ටික ඉබේටම ඔවුන්ට හිමි වෙන බවට. ඒ වගේම නීතිමය ගැටළු විසඳගන්න උනොත් සිංගප්පුරු යන්න වෙනවාලු. ගම්මාන පිලේ කිව්වේ මේක අත්සන් කරන්න කලින් ජනතාවට පෙන්වනවා කියාලා. ඒ බොරුවට එහෙම කියල හොර තක්කඩි විදියටම කළා. ඉතින් ලෝකල් බමුණන්ට දැන්වත් තේරේවිද මේවා.