(බන්දුල ඉලේපෙරුම)
සීතල පුටවල වාඩිවී උදම් අනමින් සිටියත් ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.
“ඊයේ බෝම්බයක් සමග හිටපු කොටි ත්‍රස්තවාදී කාන්තාවක් අසුවුණා. මේ ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවම තියෙනවා. සීතල පුටුවලට වෙලා අපි ත්‍රස්තවාදය පරාජය කළා කිය කිය ඉඳලා හරියන්නේ නෑ. මේවා හොයල බලන්න ඕනේ. මහවිරු දිනය සැමරීමත් නීති විරෝධියි. එල්ටීටීඊය කියන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. අපේ පක්ෂයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයත් මහවිරු සැමරුම ගැන කියලා තිබුණා. ඒවා වැරදියි” යනුවෙන්ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට, ජාතියට උදාර සේවයක් කළ උතුම් මිනිසෙක් .
ඔබතුමා එදා ඉඳන්ම එකම ස්ථාවරේ.. අපිට ඔබ ගැන සතුටුයි. මොකද ඡන්දයක් වෙනුවෙන් ඔබ කොතැනකවත් ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට ගැත්තෙක් කොවීම.
මේක තමයි තිත්ත ඇත්ත... යුද්ධය කරපු ඔබ වැනි නියම නිලධාරීන්ට තමයි අවබෝධයක් තියෙන්නේ. නිකන් කොළඹට වෙලා කයිවාරු ගහන අය එක්ක රටක ප්‍රශ්න විසඳන්න බැහැ. රාජපක්ෂලා තමයි හැමදාම ජාතිවාදය අවුස්සන්නේ.
කතාව ඇත්ත. නමුත්, මහණෙනි.., ඔබ වාඩිවෙලා සිටින කඳවුරු නේද ත්‍රස්තවාදයට යළි යළිත් ගිනි පිඹින්නේ? උඩ ගෙඩි දෙන්නේ...?
ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් තිබෙන බව පැහැදිලියි. ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටින නිසයි මෙම කොටි කාන්තාව අල්ලා ගත්තේ.
පාස්කු ප්‍රහාරය දවස්වල බුදියගෙනද හිටියේ...?
මෙය ත්‍රස්තවාදය නොවේ. පත්වූ සෑම දේශපාලන පක්ෂයක්ම ත්‍රස්තවාදීන් අහිමි කළා. සුළු ජාතීන් දුන් පොරොන්දු කඩකිරීමේ උපාධිදාරී රැකියා වියුක්තිය, පවුල්වාදය, පොඩිමිනිහා පීඩාවට පත්කිරීම, ජීවන බර, අවනීතිය රජකරවීම, වැනි දේශපාලන ක්‍රියාවලීන් නිසා ත්‍රස්තවාදයේ වචනයක් පමණි.
මේවා හොයලා බලන්න ඕනේ...
සීයට සීයක් එකගයි. වැඩේ කියන්නේ ඔබතුමාලත් වෙලාවකට දේශපාලන වාසි ගන්න පිස්සු කෙලින එකනේ... ඔබතුමා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඉවරකරලා ඊට පස්සේ සිංහල ත්‍රස්තවාදයට අහුවීමනේ කේස් එක. ඔබවැනි ජෙනරාල් කෙනෙක්වත් අන්දනවා කියන්නේ කොහොමද දේශපාලකයින්ගේ ටිකිරි මොල...
ඔය වගේ දේවල්... නන්දසේන ඇතුළු මේ රජයට පේන්නේ නැහැ. සහෝදරයින් ඇතුළු මේ රැළ නඩත්තු කරන එක තමයි මොවුන්ගේ එකම කාර්යය. හැමෝටම මේවා තේරෙනකොට රට නැතිම වෙලා තියෙයි.