(යොහාන් භාසුර)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ.
මෙම තොරතුරු නිශ්චිත කාලය ඇතුළත ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ද කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසු තීන්දුව ලබා දෙමිනි.
වසර 2019 සිට 2021 නොවැම්බර් දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සංඛ්‍යාව, ඔවුන්ගේ වයස් ඛාණ්ඩ, ස්ත්‍රී සහ පුරුෂ ලෙස සංඛ්‍යාව ඇතුළු තොරතුරු ඉල්ලමින් පොලිස් මූලස්ථානයට තොරතුරු දැන ගැනීමේ පනත වටතේ තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.
පොලිස් නීති කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ මහතා පිළිතුරු ලිපියක් මගින් නීතිඥවරයා ඉල්ලා ඇති තොරතුරු අදාල පනත යටතේ ‘තොරතුරු’ යන ඛාණ්ඩයට අදාල නොවන බවයි.
ඒ අනුව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කළේය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු (විශ්‍රාමික) උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු (විශ්‍රාමික) රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටො ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන කොමසාරිස්වරුන් ඉදිරියේදී විභාගයට ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ජාත්‍යන්තර යෝජනාව 20ට 7ක් ලෙසින් සම්මත වූවට පසුව ඔක්කොමලා කලබල වෙලා වගේ...