(නිමල කොඩිතුවක්කු)
ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒ්මේ උත්සාහය ජනතා විරෝධය හමුවේ හකුලා ගැනීමට තීරණය කලත් එම තීරණය තමා විශ්වාස නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මීට පෙරද ජනතා විරෝධය පැමිණි පනත් රජය විසින් හකුලා ගත්තත් පසුව තමන්ගේ බහුතරය උපයෝගී කර ගෙන ඒවා සම්මත කර ගත් බවත් ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කීවේය.
එබැවින් රජය විසින් මෙම ත්‍රස්ත විරෝධී පනත හකුලා ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි ලිඛිත නිවේදනයක් නිකුත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය විසින් මෙම පනත ගෙන ඒම හරහා අපේක්ෂා කරන්නේ ජනතාව විසින් තම අයිතීන් වෙනුවෙන් නැගී සිටීම වැළැක්වීමට බැවින් මේ නිසා ජනතාවට රටේ උත්තරීතර නීතිය මගින් ලබා දී ඇති මානව අයිතීන් පවා උල්ළංඝනය වන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසු ගිය දිනක පවසා තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙකී ප්‍රකාශය සහිත මාධ්‍ය වාර්තාව දැකීම සමඟ ම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සිහියට නැගිනි. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මහත් අගනා ප්‍රකාශයක් වේ. ජනාධිපතිධූරය රටේ නීතිය සහ සාමය රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බැඳී ඇත. එසේ වුවත් මේ රටේ 1948 න් පසු අතීත රාජ්‍ය පාලනය,පිළිබඳව විමසා බැලීමේදී , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ම රටේ පාලනය හෙබවූවා නම් මේ රට මෙතරම් ප්‍රපාතයට පත් නො වනවා ඇත. අද මේ රට වැටී ඇති ආර්ථික, සමාජීය, දේශපාලන පරිහානිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අවංක චේතනාවෙන් රට පාලනය කළා නම් සිදු වන්නේ නැත. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය වටින්නේ, අතිත දේශපාලන සංදර්භයෙහි නීතිය හා සාමය රැකීමට, සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ අණ පනත් වලට අනුකූලව ම පිහිටා ඉෂ්ට නො කළ බැවිනි. රටේ පාලනය ප්‍රධාන බල අධිකාරි තුනක් මත පිහිටා ඇත. විධයකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ඒ බල අධිකාරි තුනෙන් විධායකය සහ අධිකරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායකයට වගකීමට බැදී ඇත. එසේ නම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනයේ සියලු බර දරා සිටී. පොළොවෙන් උඩට විසි කරන ඕනෑම දෙයක් නැවත පොළොවට වැටෙන්නා සේ රාජ්‍ය පාලනයේ සියලු බර ව්‍යවස්ථාදායකය මත වගකීමට පැමිණේ. එසේ නම් නීතිය සහ සාමය රැකීමට නම ව්‍යවස්ථාදායකය පරිශුද්ධ විය යුතු ය. එසේ නො වුන හොත් සම්ම්ත කරන අණ පනත් මෙන් ම රාජ්‍ය පාලනයේ සියලු ක්‍රියා කාරකම් පිළිබඳව සුජාත භාවය යහපත් නො වනු ඇත. 2022 ඔක්තෝම්බර් මස 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, සහ 2022 ඔක්තෝම්බර් 31 දිනයෙන් බලාත්මක වූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්ව්ත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කෙරෙණි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී දැනට මාස (5) පහකට අධික කාලයක් ගත වී ඇත. ඒ කාලය ඇතුලත ද්ව්ත්ව පුරවැසි භාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සම්බන්ධව නිසි විම්සීමක් කර ද්විත්ව පුරවැසි බව ලත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඔවුන් ව්‍යවස්ථාදයකයෙන් නෙරපීමට සුදුසු ක්‍රියා මාර්ග ගත් බවක් නම් අපට නො පෙනේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 91 වන
ව්‍යවස්ථාවේ (1)වන අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡේදයේ xiii "වෙනත් යම් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු;" යන ව්‍යවස්ථාව අනුව ද (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්‍ථා ප්‍රකාරව) කිසිම තැනැත්තකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය දීමට හෝ සුදුස්සකු නො වන බැවින් කිසිදු ද්විත්ව පුරවැසියකු 2022 ඔක්තෝම්බර් 31 දිනයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙහි සිටීම ව්‍යවස්ථා විරෝධි ය. මන්‍ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම, පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට ද ඔහුට හෝ ඇයට හිමිකම් නැත. මෙය නිරවුල් කිරීමේ වගකීම පාර්ලිමේන්තුව සතු ය. පාර්ලිමේන්තුවේ පිරිසිදු බව තහවුරු කර නො ගෙන නීතිය සාමය සුරැකීමට හැකි ද? ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් විසින් පනත් සම්මතයට ඡන්දය දීම ව්‍යවස්ථා විරෝධී බැවිනි. දැනට පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් සිටී ද යන්න සොයා බලා, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන ප්‍රකාරව මන්ත්‍රී ධූර සමබන්ධව සුජාත භාවය තහවුරු කිරීම ඇවැසි ම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 76.(1) ව්‍යවස්ථාවෙහි " පාර්ලිමේන්තුව විසින්
පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නො හළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන් සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිදු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහිටවිය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇති බැවින් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන්හි සිටීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය හොරට (හොරකමින්) භුක්ති විදීමක් ද වේ. පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතින් ලබන රැකවරණය ද එසේ ය. එවිට ඉහතින් දැක්වූ 76(1) ව්‍යවස්ථාව සමඟ ගැලපෙන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු ය. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 42 ව්‍යවස්ථාවෙහි " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ පවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය. "යනුවෙන් ව්‍යවස්ථාපිත ය. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 43 (1) " ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.
වගකීමට හා පිළිතුරු දීමට බැදී සිටින්නේ ය. (3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය. එසේ වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරී ගිය ද ද්ජනාධ්පතිවරයා තව දුරටත් තම ධූරය දරන්නේ ය. " යන ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන බැවින් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බැවින් ද ද්විත්ව පුරවැසි බව ඇති මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් අමාත්‍ය මණ්ඩලයේ සිටියේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව බලරහිත වූ ඒ අමාත්‍ය ධූරය පිළිබඳව ත් ඒ අමාත්‍යධූරයේ පාලනය පිළිබඳව ත් එසේ වූ අමාත්‍ය මණ්ඩලය පිළිබඳව ත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙන්නේ ය. "තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව" ත් "ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ද ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා විසින් කෘතඥතාව පළ කළ කරන ලද බව ද" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කිරීම් අගනා බව
අප කියන්නේ ප්‍රථම කොට ම ව්‍යවස්ථාදයකය හෙවත් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටී නම් ව්‍යවස්ථානුකූලව ඔවුන් (ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින) පළවා හැර පාර්ලිමේන්‍තු මන්ත්‍රීධූරයන්හි නීත්‍යානුකූල බව සුරැකීමට ඉවහල් වන බැවිනි. එවිට අමාත්‍ය මණ්ඩලයේ ද්විත්ව පුරවැසි අමාත්‍යවරුන් සිටියේ නම් අමාත්‍ය මණ්ඩලය ද අසුද්ධ භාවයෙන් මුක්ත වී සුද්ධ වනවා ඇත. ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ද ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා කෘතඥතාවය ද පළ කර ඇත. එමෙන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් සිටී නම් ඔවුන් අනීතිකව පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදීම, ආරක්ෂක අංශ නිළධාරීන්ට වැළැක්විය නො හැකි බැවින් "තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කීම යථාර්ථයක් වීමට නම් මුල ශුද්ධ කළ යුතු බව අපගේ අදහස ය. මුල නම් ව්‍යවස්ථාදායකය ය. නීතිය හා සාමය යනු සත්‍ය ය. අසත්‍යයෙන් නීතිය සහ සාමය ලගා කර ගත නො හැක. තථාගත බුදු රදුන් විසින් රාජ්‍ය පාලනය උදෙසා
දීඝ නිකායෙහි) කූට දත්ත සූත්‍රයෙහි එය සවිස්තරව වදාරන ලද බව ද අවධාරණය කරමු.
මෙයා නම් චෝර වෙලාම යනවා ෂුවර්.
ඕනෑම සිදුවීමක් වේවා, අවස්ථාව ක් වේවා ඒ පිලිබදව කවුරුන් හෝ පලමුව අදහස් ප්‍රකාශ කල පසූ ඒ අදහස් දැක්වීම තවත් අලංකාර ලෙස යලි යලිත් ප්‍රකාශ කරගැනීම සදහා විමසන්න වෙන්න ජනපති මෙන්න.
මෙයා හිතනව ඇති ලොකු වැඩක් කළා කියලා. ඒ තමයි එයාට හිිතෙනවිදිහ. ජනාධිපතිවරණයේදිිඡන්ද ලැබුණු මායිම් එහෙම තාම කට්ටියට අමතක නැතිව ඇතිනෙ.
මේ පනතින් නිදන් හාරපු අයත් තරස්තවාදීන් හැටියට නම් කරනවානම් එය තනිකරම මානව අය්තීන් උල්ලංගනය කිරීමක් . මෙය අනිවාර්යෙන් හකුලා ගත යුතුයි .
මේ යන විදියට ඔබතුමාට ලබන මහා මැතිවරණයෙන් විපක්ෂ නායකකම තියා පාර්ලිමේන්තුවේ ආසනෙත් නැතිවෙයි වගේ ඕන්...