(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්,ඒ හරහා නිදහස් මාධ්‍ය, විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහිබ්බරපතල ක්‍රියාමාර්ගයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ මගින් ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැවසීය.
ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ මෙයා
පෙරමුන ගත්ත හැට් රට්ටු දැක්කා මීට පෙර.ඒ නිසා පෙරමුන ගන්න පෙර මෑණීයන්ගෙනුයි, බිරිඳ ගෙනුයි අවසර ගන්න වෙයි මුලින්.
මොනවා කරනවාද මන්දා? මෙයාටත් වෙන්නේ අර රනිල්ට වෙච්ච දේම තමා. රනිල්ට නම් පින් ජනාධිපතිකමක්වත් ලැබුණා. ඒත් මෙයාට? කොට අදිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.
කොච්චර හොඳද?
දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය කරන අමන වැඩ නියාමනය කරන්නේ කවදාද?
පෙරමුණ ගන්නවා...? කට, කට, පවුලට ඇහුණොත් ටොකු තමයි.
ත්‍රස්තවාදී වැඩ කරපු උන් හැම එකෙක්ම පින් ජනපතියාගේ පිහිටෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා?