
ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් ද පවතින නීති දැඩි කිරීමටත්, නව නීති සකස් කිරීමටත් නවසීලන්ත රජය පියවර ගෙන තිබේ.
ඒ, එම නව නීති සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟය.
ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම, ත්‍රස්ත ක්‍රියා සැලැසුම් කරන්නේ නිවසේවලට වරෙන්තු නොමැතිව ඇතුළුවීම ආදිය සම්බන්ධයෙන් නව නීති යටතේ පොලිසියට බලය හිමිවෙයි.
ඒ අනුව, මින් ඉදිරියට නීතියේ ඇති 'හිඩැස්'වලින් බේරී යෑමට කිසිම අපරාධකරුවකුට ඉඩක් නොලැබෙන බව නවසීලන්ත අධිකරණ අමාත්‍ය ක්‍රිස් ෆාෆොයි පවසා ඇත.
නවසීලන්තය මේ අයුරින් ඔවුන්‌ගේ ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නීති වෙනස් කළේ පසුගිය සැප්තැම්බර් 3 වැනිදා ඕක්ලන්ඩ් නුවර, වෙළෙඳසැලකට කඩා වැදුණු අහ්මද් සන්සුදීන් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයා සිදු කළ ප්‍රහාරයෙන් අනතුරුවය. මොහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අනුගැමිකයකු බව නවසීලන්ත ආරක්ෂක අංශ කල් තියා හඳුනාගෙන සිට ඇත.
කෙසේ නමුත් ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් බැවින්, අත්අඩංගුවේ පසුවුණු මොහුට නිදහස ලැබුණු අතර, එසේ නිදහස ලැබී මාස කීපයකින් ඔහු පිහි ප්‍රහාරය එල්ල කළේය.
අහ්මද් සන්සුදීන් නිදහස ලැබුවේ නීතියේ 'හිඩැස්' ඇති බැවින් බවත්, ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නව නීති කඩිනමින් සකස් කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී අවධාරණය කළාය. නව නීති සකස් කෙරුණේ ඒ අනුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ ඉන්න ත්රස්තවාදීන් ගෙනැල්ලා රැකවරණ දීලා හුරතල් කළාම හරි...
ඕක ආගමික ඉගැන්වීමක්... එමනිසා එම ආගමිකයින් ගෙන්වීම නතර කරන්න...
අපේ මේ සුදු නගාට දැන් තමයි ආරක්ෂාව පිළිබඳව මතක් වෙලා තියෙන්නේ... මානව හිමිකම්, මිනිස් අයිතිවාසිකම් ගැන උඩ පැන පැන කෑමොර දීලා කොහෙවත් යන වල් ඌරන්ව රෙද්ද අස්සේ තියාගෙන ඇන ගත්තා නේද? ඒ කෙසේ වෙතත් පමාවෙලා හෝ නීති ගෙන ඒමෙන් අප රටෙන් කැලෑ මාරුකරන වල්ඌරන්ටත් දැන් තේරෙයි හොඳටම.
දැන් ඉතින් නවසීලන්ත රජයට මානව හිමිකම් කොමසාරිස් තුමියගෙන් ගැලවීමක් නැහැ. අපේ රටේ ත්‍රස්තවාදී පණත ඉවත් නොකළොත් GSP සහනය අයින් කරනවා කිව්වානේ...
මේ අගමැති පොරක් වෙන්න දඟලනවාද දන්නෑ. ඉක්මණටම මේ නවසීලන්ත ජනතාවට කන්න වෙන්නේ මාර පරිප්පුවක්... මේ පොරක් වෙන්න දඟලන අගමැති කතට නම් බෝම්බයක් තිබ්බත් කමක් නෑ. මෙයා සුදුසු ඇෆ්ගනිස්තානයට. පව් අහිංසක නියම නවසීලන්ත ජාතිකයන්...
මේක ආදර්ශයට අරගෙන අපේ රටේ දැන් තියෙන වෘත්තීය සමිති ත්රස්තවාදයයි.. වෙළඳ ත්රස්තවාදයයි, බස් ත්රස්තවාදයයි වළක්වන්න ශක්තිමත් නීති සම්පාදනය කළ යුතු කාලය ඇවිල්ලා...
නවසිලන්තේ තවම ත්‍රස්තවාදය කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැ