(ඩයනා උදයංගනී)
ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවාවන් සඳහා වන ප්‍රතිපත්ති, නියාමන රෙගුලාසි හා මාර්ගෝපදේශ නිකුත් කිරීමේ විධිවිධාන ද 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීමට සුදුසු බව හඳුනාගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රවාහන සේවා නියාමනයට වෙන වෙනම අධිකාරී හඳුන්වාදීම කළහොත් රජයට දැරීමට සිදුවන පිරිවැය ඉහළ යන නිසා එම බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඇමැතිතුමා, ඉස්සෙල්ලාම දුම්රිය සේවය හදන්න. මිනිස්සු වෙලාවට වැඩපලට යන්නේ කොහොමද? තවත් 7000 ක් බඳවා ගත්තොත් ඒ අයට පඩි ගෙව ගෙවා ඉන්න පුළුවන්.. හැමදාම පැයකට ආසන්න වේලාවක් දුම්රිය ප්‍රමාදයි. මේක දැන් පුරුද්දක් කරගෙන. කවුරුත් බලන්න කෙනෙක් නෑ... පාලනයෙන් තොර ඉතාම නරකම ආයතනය දුම්රිය සේවයයි.