
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා ය.
අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇත. මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුයම එකයි තිහ කියන්නෙ කුඩා දරුවෙකු තබා ලොකු අයෙකු වත් සංචාරයේ යෙදීමට නුසුදුසු වෙලාවක් කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේශනා කලේ අකාලයේ වීදි සංචාරයේ නොයෙදෙන ලෙසටයි කොහොම වුනත් ත්‍රීවීලර් එකක් කියන්නෙ අනතුරු සහිත වාහනයක් නිසා ඔය වෙලාවෙ අනතුරක් නොවුනත් කුඩා දරුවෙකුට ඇතිවන පීඩනය ඉතාමත් වැඩියි
අලුයම 1.30 ට, වාහනත් නැතිවෙලවෙ ත්‍රී රොද තුනක් එකිනෙක ගැටෙන්න කෙතරම් අපරික්ශාකාරී ධාවනයක්ද?