(අජන්ත කුමාර අගලකඩ)
අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන ලෙස තමාට දැනුම්දීමක් කර නැති බවත්, එවැනි කැඳවීමක් කළද, තමා ඊට සහභාගී නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා ලෙස තමා ගෙන්වීමේ හැකියාවක් නැති බව කී ජනාධිපති සිරිසේන මහතා එසේ තිබියදී තමා කාරක සභාව හමුවට කැඳවන බව කවුරුන් හෝ කියන්නේ නම් එය විහිළුවක් බවද කීවේය.
තමා තේරීම් කාරක සභාව හමුවට කැඳවන බවට පැතිර ගිය ආරංචිය කවුරුන් හෝ මාධ්‍යයට දුන් වැරදි තොරතුරක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම දේශපාලන නාට්‍යයක් බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ අද (26) උදේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් යන්න එපා... කොහොමත් තව මාස 5නේ.. බලයේ ඉන්නේ.
ඇයි බයද?
එයා කොහොමද රෙදි ඇඳගෙන ඒකට යන්නේ. රෙදි ඇඳගෙන ගියත් දන්නවා එතනදි රෙදි ගැලවෙන විත්තිය.
එපා යන්න ....ඔය අහන ප්‍රශ්න වලට හිරවුනොත් ඔය පට්ටමටත් හොඳ නැහැනේ අනික ඉතින් ඒවගේ ප්‍රශ්න අහනතනකට කවදාවත් අපේ රටේ ජධිපතිලා මෙතෙක් ගිගින් නැහැනේ .....නමුත් එක ම කරුමේ 19 ව්‍යවස්ථාව. ..
මෙම කාරක සභාව තනිකරම දේශපාලන නාට්‍යයක් නොවේ. දැනටමත් හොඳටම තේරිලා ඔබගේ නොසැලකිල්ල සහ වගකීමෙන් තොරව කටයුතු කළ බව. මටත් පුදුමයි ඔබ කොහොමද ග්‍රාම සේවක වුණේ එක පිළිබඳව. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ එකම ජනාධිපතිත් ඔබ.
ලොකුකම නැතිව ගිහින් නිර්දෝසි වුනානම් ඉවරනේ..කියන්න තියන දෙයක් කියල හරි..බැනල හරි..
අපිට භය නැති අගමැති කෙනෙක් වගේම භය නැති ජනපති කෙනෙකුත් ඉන්නවා.
මේක තෙලේ නාටකයක් කියලා දැනගෙන තියෙන්නේ දැන්, අපි නම් ඕක මුල ඉඳලම දැනගෙන හිටියා ...., ප්‍රශ්න අහලා කෑම වෙලාවට එක පිඟානේ බත්කනවා. කරට අත දාගෙන... මෙහෙමත් විහිළු.. කව්ද මේ රවට්ටන්නේ?
ඇයි බයද?
ජනාධිපති හැර කියලා සඳහන් නැත්තම් ඔයාට යන්න වෙනවා මහත්තයෝ. කෝකටත් ඔලුවක් තියෙන මනුස්සයෙක්ගෙන් හරි උපදෙසක් අරන් බලන්න. අර එහෙට මෙහෙට පැන පැන ඉන්න අයගේ උපදෙස් අරගන්නේ නැතුව...
ඔබතුමා මොන සභාවකටවත් එන්න ඕනේ නැහැ...
බය වෙන්න එපා...
නාට්‍යයක් නම් තිරේ වහන්න. එ්කටවත් බලයක් නැද්ද ඔබතුමාට?
ඒ දේශපාලන නාට්‍යෙය් ඔහෙත් ලොකු චරිතයක්... මේ රටට මේ වින්නැහිය කරන්න ලොකුම උදව්ව කලේ ඔහේ... තමාට කිසිසේත්ම නොගැලපෙන - දේශපාලනිකව හෝ සමාජමය - කඳවුරකට හේත්තු වෙලා දැන් කනෝ කනෝ කිව්වට වැඩක් නැහැ ජනාධිපතිතුමා. රට ජාතියෙන් සමාව අරගෙන දේශපාලනයෙන් ඉවත්වීම විතරයි දැන් ඔබතුමාට ඉතුරු වී ඇත්තේ...
අැයි ඔබතුමා යන්න බයද?
එහෙමනම් මේක ඉස්සරම කියන්න තිබුණා නේද? ඔබතුමාගේ නම එන නිසා මේක වර්ජනය කරනවා. අනිත් අය ඇවිල්ලා උත්තර දෙන්න පුළුවන් නම් ඇයි ඔබට බැරි?
අනේ කාලේ වනේ වාසේ..
මේ කතා කරන්නෙ ලංකාවේ ජනාධිපතිද නැත්නම් වෙනරටක ජනාධිපතිද?
"තේරීම් කාරක සභාව එන්න කිව්වට මම යන්නේ නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ පැවසීය." තේරීම් කාරක සභාව නොයා සිටීම, රටක නියම ප්‍රජතන්ත්‍රවාදී නීතිගරුක නායකයකුගේ ලක්ෂණයක් මෙන්ම ජනාධිපතිවරයකු විසින් සමාජයට ලබාදෙන පුර්වාදර්ශයක් ද ?
විත්තිකරුට නිශ්ශබ්දව සිටීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙන නිසා එයා එන්න ඕනෑ නැහැ...
පුහුල් හොරා කරෙන් දැනේ..
ජනාධිපතිවත් නීතියට ගරු කරන්නේ නැති කොට අනිත් අය ගැන කවර කතාද?
ගියොත් රෙදි ගැල වෙනවනේ ඒ නිසා යන්නේ නැහැ කියන්නකෝ... ඔයා පොර ටෝක් දුන්නට ලංකාවම දන්නවා ඇත්ත තත්වේ.
නීතියට ගරු කරන්න දැන්වත් පුරුදු වෙන්න...
වැරදි ගොඩක් කරපු හිටපු අයත් චෝදනා ගොඩකින් බේරිල ඉන්නෙ ඔය පට්ටමේ බලයට තමයි. පෙනිපෙනිි කරපු හොරකම් සහ වැරදි මේකෙ බලයට වහගෙන ඉන්නෙ. ඒකනේ ඕක දාල යන්න හරිම අකමැති
ඔබතුමා තමා දැනට ලංකාවේ ඉන්න හිතෙන තැනකට හෙලිකොප්ටරයෙන්, වෙඩි නොවදින බෙන්ස් එකෙන් නොමිලයෙන්ම අහසින් ගොස් ඕනෑම තැනකට බහින්න පුළුවන්.. යනයන තැන ත්‍රිවිධ හමුදා සැලියුට් ගහන, ඕනෑම රටකට යන්න පුළුවන් ලංකාවේ ඉන්න අති උත්තම සර්ව බලධාරි පුද්ගලයා ඔය තේරීම් කාරක සභාවට නම් යන්න එපා.. ඕකට ගියොත් ඔබතුමා ආරක්ෂක ඇමතිකමේ සහ සේනාධිනායක තනතුරේ රාජකාරි පැහැර හැරිය නිසා ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණු බව ඔප්පු වෙනවා. එහෙම වුනොත් ඔබතුමාගේ ප්‍රතිරුපයට ඒක හොඳ නැහැ. ඔය මළගෙදරක, මගුල් ගෙදරක, විවෘත කිරීමේ උත්සවයක ගිහින් කතා පවත්වනකොට ඔය තේරීම් කාරක සභාවට පලු යන්න බනින්න. මොකෝ ඒ ගොල්ලන් ඔබතුමාව පොලිසියට කියලා අත්අඩංගුවට අරන් හිරේ දමන්නද? අර අල්ලස් ගත්ත සභාපති නිදහස් කළා වගේ ඔබතුමාට ඕනේ නම් ලංකාවේම හිරගෙවල් වල ඉන්න අපරාධකාරයෝ සියලුදෙනාම එක දවසෙන් එළියට දමන්න පුළුවන්.. එහෙම කළොත් ඔවුන් ටික ඔය තේරීම් කාරක සභාවේ ඉන්න කට්ටිය ඒක දවසෙන් පරලොව අරිවි, කාරක සභාවට කියන්න ඔබතුමා ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ.. නමුත් වැඩිය දඟල්ලන්න එපා කියලා.
මෙහෙමනේ... දැන් ඔය කියන ලොකු කතා තව මාස ගාණකින් ඉවර වෙනවා. එදාට දෙපැත්තෙම මිනිස්සු තරහා කරගත්තු, ව්‍යවස්ථාව කඩා, පාර්ලිමේන්තුවට පිටු පෑ ඔහේට හිරේ යන්න වෙනවා. අනික බෝම්බ කුමන්ත්‍රණයේ ඇත්ත දැන් විදේශ ඔත්තු සේවා හොඳින් දන්නවා.
එකම හේතුව ෆොන්සේකාට මුහුණ දෙන්න බැරි එක...
මේ නාටකයේ ප්‍රධාන නළුවා එන්නේ නැතිනම් කොහොමද රඟ දක්වන්නේ... එ්කයි මට තියන ප්‍රශ්නය...
ලැජ්ජයි ජනාධිපතිකමටත්....
පුංචි ළමයින්ගේ සෙල්ලම් ගෙයක වැඩ තමයි මෙයාගේ කෙරුවාව. අනේ රටකට ගියකලක්... මේ පිල්ලිය හොයා ගත්තේ කවුද..?
ඉස්සර ඔබතුමා ඔය කෘෂිකර්ම ඇමතිකමක් වගේ එකක කරගෙන වැලි රාජු, ඩඩ්ලි මල්ලි ඇතුළු පවුලටම සලකාගෙන තමනුත් යමක්කමක් හොයාගෙන ජීවත් වෙනකොට, මේ කොහෙවත් තිබුණු ජනාධිපති පුටුවක බලෙන්ම ගෙනත් වාඩි කළා. ඒ මදිවට ශ්‍රීලනිපේ මහින්ද මහත්මයාගේ පිලට වැඩකරලා පැරදිච්ච මිනිස්සු ඔබතුමා පසුපස ඇවිත් ශ්‍රී ලංකා සභාපතිකමක් ඔලුවට දමලා ඔබතුමාගේ පිහිටෙන් ආණ්ඩු පක්ෂෙට පැනලා ඇමැතිකම් අරගෙන ඔවුන්ට තිබුණු අල්ලස්, දූෂණ, පරීක්ෂණ වලින් ගැලවිලා හෙමිහිට අාපහු මහින්ද මහත්මයාගේම ඔඩොක්කුවට පැන්නා. ඔය අතරේ ආරක්ෂක ඇමතිකම කියන උරචක්‍ර මාලේ කරේ දමාගෙන ආරක්ෂක මණ්ඩලයත් අවුල් කරගෙන ඉන්න වෙලාවේ කොහෙවත් යන කාලකන්නි ටිකක් බෝම්බ ගැහුවා. තව මාස 5-6කින් බලේ නැති වුණාම ව්‍යවවස්ථාව කැඩුවට, රාජකාරි හරි හැටි ඉටු නොකළාට නඩු දැම්මම හිරේ යන්න වෙනවා. එහෙම වුණොත් අර මෙච්චර කාලයක් දේශපාලනය කරලා ලැබෙන පැන්ෂන් එකට කොහොමත් තට්ටු වෙනවා.. ඉස්සර ඉඳන් හම්බකරගත්තු දේපළ ඔක්කෝටම තට්ටු වෙන්න පුළුවන්. මෙහෙම බලාගෙන යනකොට මේ ඔක්කෝටම වැරදිකාරයා රනිල්නේ...
ඔව් දැන් යන්න එපා ... මහා පුටුවෙන් තල්ලු වෙලා ගියාට පසුව සාමාන්‍ය ගොවි පව්ලක්ව ජීවත් වුනු පව්ල අද කෝටි ප්‍රකෝටි පව්ලක් වුනේ කොහොමද කියන්න එන්න වෙයි ...