( චමිල් රූපසිංහ)
ත්රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික වැඩසටහන නිමිත්තෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මල්වතු මහාවිහාර පාර්ශවය වෙත ලබාදුන් ශ්රී සන්නස්පත්රය එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම අද (06) එම විහාරයේ දී සිදුවිය.
මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජනය කරමින් ජාතික උත්සවයට සහභාගී වූ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන්වහන්සේ විසින් සහ රාජ ආඥාව සහිත සන්නස මහනායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වුහ.
එම ශ්රී සන්නස් පත්රය මල්වතු මහා විහාරිය කෞතුකාගාරයෙහි තැන්පත් කිරීමට කටයුතු කරන බව එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල හිමි සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd