(නිමල කොඩිතුවක්කු)
වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹදී පැවසීය.
ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේ දී ලබන 5 වැනි දා සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙසේද කීය.
‘‘බෞද්ධ දර්ශනය නොමග යැවෙන විවිධ දෑ අද සිදුවෙනවා. රජයක් විදියට අපි මේ ගැන විශාල අවධානයක් යොමු කර තිබෙනවා. එහි පියවරක් ලෙස ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළා.
මේ ත්‍රිපිඨකයේ ඇතුළත් කරුණු කිසිවකුටත් වෙනස් කිරිමට නොහැකි වන ලෙස අපි ඉදිරියේදි පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනිමටත් කටයුතු කරනවා.
බුද්ධ ධර්මය විකෘති කරමින් බුද්ධ ශාසනයට හානි වන ලෙසට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. බුද්ධ ශාසනයට අදාළව රජය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ මහානායක හිමිවරුන් ප්‍රධාන කමිටුවක් මගින් තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ඉදිරියේදීත් බුද්ධාගම රැක ගැනිම වෙනුවෙන් රජයක් විදියට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කාලීනව විය යුතු දෙයනම්, බුද්ධ ශාසනයට, බුද්ධ ධර්මයට, භික්ෂුන් වහන්සේලාට නිගා කරන්නවුන් සහ , බොදු දේපල වලට හානිකරන්නවුන්ව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසිකර, මෙරටින් පිටුවහල් කිරීමට නීතිමය පනතක් සම්මත කිරීමයි. හැකිනම් එය කර පෙන්වනු. එසේ පනතක් සම්මත කළහොත් මගේ ජීවිතය තිබෙනතුරා වර්තමාන ආණ්ඩුවට සහය දෙමි.
මේ රටේ කොඳුනාරටිය වන බෞද්ධාගම විනාශ කරන්න විවිධ උපක්‍රම යොදලා බැරිම තැන දැන් කරන්නේ බෞද්ධාගම විසින්ම සමාජයට අනුගත වූ චීවරධාරීන් විසින් එය විනාශ කිරීමට බොරු බණ කලවම් කර දේශනා කිරීමයි. එමගින් ඔවුන් රට රටවල්වල පන්සල් නොව අසපු වැනි විවිධ නම් වලින් ගොඩනැගිලි (හෙවත් රියල් එස්ටේට්) ආයෝජනද කරනවා. එංගලන්තයේ විවිධ රැකියා කරමින් මුදල් උපයන්න උත්සාහ කරපු සහ කිසිවක් සාර්ථක නොවූ විවාහකව සිටි ගිහියෙකුත් දැන් ලංකාවේ අලුත් බණක් දෙසනවා. මේ ව්‍යාපාර පිටුපස සැඟවී සිටින ආයෝජකයන් ගැන රටේ බුද්ධිසේවා විසින් සොයා බැලිය යුතුයි.
වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් "නිවැරදි ති‍්‍රපිටකය" ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පමණක් නොව ලොව පුරා සිටින සියලු බෞද්ධයන් බුදු දහම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයේ ප්‍රබල මැදිහත්වීම සහ අවධානයක් යොමු කර තිබීම ගැන අතිෂයින් සතුටුවනු නොඅනුමානයි...
ඒවා හොඳ වැඩ...
නිවාසතාප මුනිතුමා කියන්නේ බුදුරජානන් වහන්සේ (සිදුහත් කුමරු) උපන්නේ ලංකාවේ කියාය.
ති‍්‍රපිටකයේ සමහර කරුණු පසුකාලීනව එකතු කළ සාහිත්‍යමය කරුණු බවයි සමහරුන්ගේ මතය...
අනෙක් ජාතික උරුමයන්ට වෙන දේවල් දැක්කම බයත් හිතෙනවා ඔන්න ඔහේ එක තිබුනාවේ ඇමතිතුමෝ ඕකෙන් ලොකු ගානක් හොයාගන්නත් බැහැනේ
මහත්තයෝ ත්‍රිපිටකය මෙජාතියට පමණක් අයිතිදෙයක් නොවෙයි. එය ලෝක උරුමයක් කොරන්න.
මෙයා දැන්මම සහන සැලසීම පටන්ගෙන වගේ. ඔව් ඔව් 2020 දී රටට ආගමට කරපු දේවල් රැස්වීම් කියන්නත් එපාය. අතිගරු කාදිනල් තුමා කීවා බුද්දාගම මෙරටේ තිබෙන තුරු අනිකුත් ආගම් වලට පැවතිය හැකී කියලා. ඒ කියන්නේ කුරුස යුද්දවලින් තොරව. එමනිසා අලුත් ව්‍යවස්තාවකින් අනිකුත් ආගම් බුද්දාගම සමග සමතැන දෙන්න කටයුතු කොරන්න එපා. සිංහලයා ශ්‍රී ලාංකිකයා කියා දියාරු කරන්න එපා.
මේ හරහා බෞද්ධයන්ට ප්‍රශ්න කිහිපයක් පැනනඟී. 1. භික්ෂූන් වහනසේ නමක් කී පරිදි දැනට ත්‍රිපිටක තුනක් ලෝකයේ පවතී. ටිබෙට්, චීන, ලංකා. ලංකාවේ ද විවිධ මණ්ඩල හා පුද්ගලයින් විසින් ත්‍රිපිටක ලියා ඇත. (උදා, නැදිමාලෙන් ප්‍රකාශිත කිරම විමලජෝති හිමි මූලිකත්කවය ගෙන තරන ලද ශ්‍රී සම්බද්ධ ජයන්ති ක්රිපිටකය, ද සොයිසා සූරීන් පළ කළ සිංහල ත්‍රිපිටකය, මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ විසින් රචිත ත්‍රිපිටකය පරිවර්වෙථන හා වෙනත්පු ස්කොළ පොත් ආදී වශයෙනි. මෙයින් කුමක් ජාතික උරුමයක් බවට පත්වන්නේ කුමක් ද? 2. එය කුමක් වුවද ශ්‍රී ලංකා ජාතියට එහි ඇති උරුමය කුමක් ද යන්න තහවුරු කර ගැනීම (එය ඉන්දියාවේ හෝ වෙනත් රටක දෙයක් නම් ලංකාවේ උරුමයක් වන්නේ කෙසේ ද යන්න, විශේෂයෙන් බුදුන් උපන්නේ නේපාලයේ නම්) 3. වෙනත් රටක භික්ෂුවක් (උදා, තායිලන්ත, ඇමරිකා) ශ්‍රී සම්බද්ධ ජයන්ති ක්රිපිටකය (එසේ වී නම්) ත්‍රිපිටකය උපුටා දක්වමින් බණ කීමට ශ්‍රී ලංකණ්ඩුවේ අවසරය ලබා ගැනීමට අවශ්‍යවේ ද යන්න. 4. ජාතික උරුමයක් වීම පාළී (බුද්ධ භාෂිතය) හා සිංහල පරිවර්ථනය යන දෙකටම අදාළ ද යන්න.
චිරං තිට්ඨතු ලෝකස්මිං.. සම්මා සම්බුද්ධ සාසනං - පරවාද මථනය කර සම්බුදුදහම සුරක්ෂිත කිරීමට ගන්නා මෙම පියවර මහත් ආනිසංස දායකයි. මේ සඳහා නම් කළ යුත්තේ "බුද්ධ ජයන්ති ප්රකරණ " ත්‍රිපිටකය ග්රන්ථයන්ය. වෙනත් ග්රන්ථ නම් කිරීම දෝෂ සහිතයි. මෙහි තව පියවරක් ලෙස අටුවා (අට්ඨකථා) ජාතික උරුමයක් ලෙස නම් කරන්නේ නම් බුදුදහමේ චිරස්ථිතියට මහත් පිටිවහලක් වේ...
ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කියන මම මෙහි කල ඉල්ලීම ඵලදරන්න යන බව පෙනෙනවා. සාධු! සාධු! සාධු!