
(සුජිත් හේවාජුලිගේ)
තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ.
සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ දත්ත පද්ධතියට අදාල ගිවිසුම පසුගිය මැයි මස 31 වැනිදා අවසන් වීමෙන් පසු එම පද්ධතිය මෙසේ අඩපණවීඇත.
මෙහි පිළිසකර කටයුතු එම කාර්යාලයේ තොරතුරු කළමනාකරණ කණ්ඩායම යුද හමුදාවේද සහාය ඇතිව කරගෙන යන නමුත් දත්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතාම මන්දගාමී මට්ටමක පවතින බව එහි නිලධාරිනියක් පැවසුවාය.
මෙහි මුල්ම කඩා වැටීම සිදුවී ඇත්තේ ජුලි 12 වැනිදාය. එදින සිට සතියක කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ පිළිසකර කිරීමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එම පිළිසකර කටයුතු සඳහා අනිද්දා බදාදා දිනය තෙක් කල් ලබා දෙන බවයි.
යුද හමුදාවේ කණ්ඩායමට මෙය පිළිසකර කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැඩ කටයුතු මෙසේ අඩපණවීමෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දුෂ්කරතාවයට පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාගම් ලියාපදිංචි වැනි ව්‍යාපාරික අවශ්‍යතා වලට සරිලන මෘදුකාංග හදන්න හමුදාව යොදවල හරියනවද ? අදාළ ගිවිසුම අවසන්වීමට ප්‍රමාණවත් කාල සීමාවකට කලින් ටෙන්ඩර් කැඳවල, සුදුසු සමාගමක් සමග ගිවිසුම් ගත වෙන එක නේද කල යුත්තේ , මුකුත්ම නොකර ඉඳල අවසානේ බැරිම තැන හමුදාව කැඳවල වැඩේ අවුල් වෙලා ලක්ෂ 30 පාඩු වෙලා , මෙම පාඩුව දරන්නේ අමතිද ? එහෙම නැතිනම් අධාල නිලධාරින්ද ? රටේ බදු ගෙවන ජනතාවද ? මුකුත්ම නොකර බොරු කිය කිය හිටියම රට දියුණු වෙනවද ?
කතාකරන්නේ මහා ලොකු ඩිජිටල් ආර්ථිකයක් හදන්න , අන්තිමේ බැලුවහම සමාගම් ලියාපදිංචිය වත් කලට වෙලාවට කරගන්න මෘදුකාංග සමාගමක් තෝර ගන්න ටෙන්ඩර් එකකවත් දමාගන්න බැහැ ,
මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් නෙවෙයි . අපිට මැනුවල් ඕනේ