
(අංජුල මහික වීරරත්න)
මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කර ඇත්තේ මෙවර අයවැයෙන් බව සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
මේ වන විට ගැසට් කර ඇති රජයේ රැකියා පුරප්පාඩු 68,000ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවැති සමාජවාදී තරුණ සංගමයේ කැදවා මාධ්‍ය හමුවේ දී අඹේපිටිය මහතා මේ බව කීය.
"ලංකාවේ අයවැය 80ක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අයවැයවලින් වෙන් වෙලා තිබුණේ ඇති හැකි අය වෙනුවෙන්. මේ රටේ දුප්පත්, පීඩිත ශ්‍රමය වැය කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ජාතික ජනබලවේගය මොන දිශානතියට ද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉගියක් පසුගිය අයවැයේ තිබුණා යනුවෙන්ද අඹේපිටිය මහතා කීය.
සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ,සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානි රත්නායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බං විහිළු නොකර ඉන්නවද? එක්කෝ උබට අයවැයේ කිව්ව මොනවා වත් තේරිලා නැහැ නැහැ, නැත්නම් ලොකු අයියාලා කියලා දුන්නා දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කියවනවා. ලංකාවේ මීට කලින් අයවැය ලේඛන 80 ක් ඉදිරිපත් කරලා තියෙනවා කිව්වා නේද ? මේක 81 වෙන්නේ හැඩයෙන් වගේම ගුණයෙන්ද අනිත් 80 ම සමානයි, එහෙමත් නැත්නම් ඊටත් එහා ගිහිල්ලා ! වැඩ කරන මිනිසුන්, නැති බැරි මිනිස්සුන් පාගලා චප්ප කරලා දාලයි තියෙන්නෙ. රෝහන විජේවීර සහෝදරයා හිටියා නම් අහයි ඔහොමද මිනිහෝ අපේ පංතියේ මිනිහට සලකන්නේ, අපි ජීවිත පරිත්‍යාගයෙන් හදලා ගොඩ නැගුව පක්ෂය උබ ධනපතියන්ගේ පාපිස්ස කෙරුවා නේද කියලා...
රාජ්‍ය අංශය වැඩි වෙනවා කියන්නේ ප්‍රයෝජනයක් නැති ආදායම් නොලබන කාර්යයන් වෙනුවෙන් වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවමින් නඩත්තු කරන්න වෙනවා කියන එක. ඒ වගේම එකෙන් වෙන්නෙත් පෞද්ගලික අංශයේ රැකියා සඳහා ඇති ආකර්ෂණය අඩු වෙන එක, එක රටට හොඳ නැහැ. ආණ්ඩුව එත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේත් වැටුප් ආණ්ඩුවේ ගිණුමෙන් ගෙවන්න යනවා කියල අහන්න ලැබුනා, ඇත්තටම මුන්ට පිස්සුද?