(ඩී.ජී.සුගතපාල)
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමග මගින්ගේ තෙරපිමත් සමග පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇදවැටි ඇති බවය.
දුම්රිය නතර කිරිමත් සමග එහි සිටි පිරිස ඔහු දුම්රිය වේදිකාවට ගෙන ඇතත් ඒ වනවිට ඔහුගේ පාද දෙකම සම්පුර්ණයෙන්ම වෙන්වි තිබින.පසුව 1990 ගිලන් රියකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දුම්රිය සේවය කිසි කමකට නැහැ.මගීන්ට දුම්රියේ හිටගෙන යන්නවත් බැහැ.මේ රටේ නීතිය අනුව ගවයන් ප්‍රවාහනයේදීත්,එම සතුන්ට හිංසා වෙන ආකාරයට ප්‍රවාහනය තහනම්.මරන්නට ගෙනියන සතුන්ට තියෙන නිදහස හෝ දුම්රිය මගීන්ට නැහැ.ඒ වගේම,හැමදාම දුම්රිය පීලි පනිනවා.තාමත් තියෙන්නේ, සුද්දන්ගේ කාලේ ගෙන්වූ දුම්රිය මැදිරි.හොඳටම කසිකබල් වෙලා.මේ යල්පැන ගිය පෙට්ටි ඉවත්කොට මගීන්ට හොඳ පහසුකම් සපයන්න ලංකා රජයට හෝ දුම්රිය දෙපාර්තේන්තුවට බැහැ.වැඩිපුර දුම්රිය ධාවනයේ යෙදවීමට දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් නැහැ.කෙටියෙන් කිවහොත්,මේ දුම්රිය සේවය තවදුරටත් මේ රටට සේවයක් නොවෙයි.පිටරට හොඳ සමාගමක් වෙත මෙය විකුණා දැමීම වරදක් නොවේ. එසේ වුවහොත්,ඒ මිනිසුන් ඒ රටවල මෙන් හොඳ දුම්රිය සේවයක් අපටත් ලබාදේවි.දුම්රිය සේවකයන්ගේ හෝ රජයේ හෝ වූර්ථීය සමිති කාරයන්ගේ පැවැත්මට වඩා දුම්රිය මගීන්ට අවශ්‍ය වනුයේ,පහසුවෙන් ගමන් බිමන් යාහැකි දුම්රිය සේවයකි.
වෙන රටවල්වල දුම්රිය මැදිරියයි, වේදිකාවයි එකම මට්ටමේ තියෙන්නේ... මිනිහෙක් තියා පූසෙක්ටවත් වැටෙන්න ඉඩක් නෑ. ලංකාවේ ඒ පරතරේ අඩියක් විතර තියෙනවා. අනිත් එක පඩි නැගලා ඕන වේදිකාවට ගොඩවෙන්න. මේවා ඉක්මනට හදන්න ඕන දේවල්... අනිත් එක මැදිරියකට නගින්න ගියාම මිනිස්සු පෙරලගෙන නගින්න එන්නේ... පෝලිමක් හදවලා ඒ පිළිවෙලට නගින්න හදවන්න ඕනෑ.
තව කී දෙනෙක් බිල්ලට දෙනවාද? බලධාරින්ගේ ඇස් ඇරේවා...!
දුම්රිය සේවය වෙනදාටත් වඩා සවුත්තුය. විමසුම් අංශයෙන් වැඩක්ම නැත....ඔවුන් බලන්නේවත් නැතිව නිකම්ම නිකන් ඉඳගෙන බලන් ඉන්නවා