
( තිස්ස කොටින්කඩුව)
කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.
මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේටිටුවක් සවිකර නොමැති අතර දුම්රිය පැමිණෙන බව අනතුර අගවන විදුලි සංඥා පද්ධතියක් සවි කොට ඇතත් එය ක්‍රියාත්මක කිරිමට මෙතෙක් පියවර ගෙන නැති බව මිගමුව දුම්රිය විදුලු සංඥා පරික්ෂණ කාර්යාලයේ නිලධාරියෙක් කීය.
මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 131/1, ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරපාර,කුරන, කටුනායක යන ලිපිනයේ පදිංචි 27 හැවිරිදි තිලාන් රෙවොන් විජේන්ද්‍ර ප්‍රනාන්දු යන අයෙකු බවට හදුනාගෙන ඇති බවද පොලිසිය කියයි.
ඔහු සිය යතුරු පැදියෙන් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ සේවය සදහා ගොස් නැවත තම නිවස බලා එමින් සිටියේදි කටුනායක දලුපොත පාර දුම්රිය හරස් මාර්ගයේදි පුත්තලම සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි සිඝ්‍රගාමි දුම්රියක ගැටි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු පවත්වන සිදුව පොලිසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඥා වැඩ කරන තැන්වලත් තත්පර 30 කට වාහනය නවත්වා ගියර් මාරු කර තමයි අපිනම් යන්නෙ... මොනම සංඥාවක් නැතත් රේල්පාර පේනවනේ...