
(බී.ජී.චතුරංග)
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.
අන්තර්ජාලය මගින් මෙම සාදය සංවිධානය කර ඇතැයි ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන, දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලවි කරන මත් පෙති සහ කේරළ ගංජා සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.
සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 20 - 35 අතර වයස්වල පසුවන දෙසියයකට වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම සාදයට සහභාගි වී සිටි බවත් පොලිසිය පවසයි.
මෙම මත් ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 3500 ක මුදලක් අය කර තිබූ බවත්, ඇතුල් වූ පසු, මුදල් ගෙවූ අය හඳුනා ගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබූ බවද පොලිසිය පවසයි.
සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත් ද්‍රව්‍ය පානය කර සිටින අයුරු දැකගත හැකි වූ බව ද පොලිසිය සඳහන් කළේය .
තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයේ ආරාධිතයින් ලෙස පැමිණ සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්,නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද? නිදහසට කරුණු කෝටියක් දෙන්නම්කෝ අපි දෙන්නම්.. අපි දන්නවද එම හෝටලයේ මත්ද්‍රව්‍ය සමග සාදයක් තියනවා කියලා.? එහෙම දන්නවා නම් අපි යනවද අරාධනාවක් ලැබුණත්? මේ දේශපාලුවාගේ සහ කොන්දොස්තරයගේ නිදහසට කරුණු වලින් කීපයක්.. එබැවින් මේවා මහා විකාර... තවද එම සාදයේ සියලු තොරතුරු සඳහන් වුවත් දේශපාලුවගේ, කොන්දොස්තරයාගේ සහ හෝටලේ නම් මෙම මාධ්‍යවේදියාට සඳහන් කිරීමට නොහැකිවීම අරුමයකි...
නොමිනේෂන් දෙන්නේ කුඩ්ඩෝ, කසිප්පුකාරයින්ටනම් ඕක පුදුමයට කාරණාවක්ද?
ඔවුන් දෙදෙනා මේක සංවිධානය කෙරෙව්වා වෙන්නම බැරිද?
මේ දේශපාලුවාගේ නමත්... ඔය කියන දොස්තර කවුද කියලා කියන්න බැරි තරමට බය ඇති...
මන්ත්‍රීතුමා බේරේවි ... අනිත් අය නඩු දාවි...!
එවැනි බලපුලුවන් කාරයින් එතැන සිටියදීත් කුඩ්ඩන් ඇල්ලු පොලිසියට අපගේ ප්‍රණාමය..! .
ඩීල් එකක් දාගත්තද දන්නේ නැහැ... හෝටලයේ නම සඳහන් නොකරන්නට... දැන් හැම දේකටම සල්ලි... සල්ලි... සල්ලි... !
ඔතන හිටියේ කවුද කියලා කියන්න බයද?
මට මතකයි මේ රටේ නීතිය හරිහැටි ආරක්ෂා කරන්න "වැරදි කරන අයගේ පින්තුර සහ සියලු විස්තර පත්තර ඇතුළු සියලුම මාධ්‍යවල පල කරනවා" කියලා එක පාරක් ඔය නීතිය රකිනවයි කියලා කියන කෙනා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වුණාට මේ වගේ දෙයක් කරපු කෙනෙකුගේ පින්තුරේ තියා නමවත් ප්‍රසිද්ධ කරන්න බැහැනේ. සමහරවිට එහෙම කළොත් ඒවා කරන කෙනාගේ ගෙදරට "අසුචි ප්‍රහාර" එල්ලවෙන්නත් බැරි නැහැ. අපරාධ කාරයින් කියලා උසාවියෙන් ඔප්පු වුණු මිනිස්සු එක පෝලිමට "නිදොස් කොට නිදහස් කරන" රටක්නේ මේක...