( කීර්ති ප්‍රනාන්දු )
ප්‍රචණ්ඩත්වය සහිත වීඩියෝ ක්‍රීඩාව සඳහා යොමු වූ තරුණ දරුවන් සිය දිවි නසා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් තරුණ දූ දරුවන් සිටින දෙමාපියන් තම දරුවන් පිළිබඳව වැඩි අවධානයෙන් සිටින ලෙස මිනුවන්ගොඩ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයාන් සමරසේකර මහතා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය .
මිනුවන්ගොඩ කොට්ඨාසයේ සෞඛ්‍යය කටයුතු පිළිබඳව කරුනු දක්වමින් ඔහු මේ බව සදහන් කලේය.
මීට දින කීපයකට පෙර මෙම ක්‍රීඩාව සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටි වයස අවුරුදු 16ක තරුණ දරුවෙකු සිය නිවස තුළදීම සියදිවි නසාගැනීමක් පිළිබඳව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වූ බවද වෛද්‍ය සමරසේකර මහතා කීය .
ඇතැම් තරුණ දූ පුතුන් මෙම වීඩියෝ ක්‍රීඩාව සඳහා දැඩි ලෙස ඇබ්බැහිවීම අවසන් වන්නේ සියදිවි නසාගැනීමෙන් බව පෙන්වා දෙන වෛද්‍ය සමරසේකර මහතා එය ඉතා භයානක තත්ත්වයක් බව ද පැවසීය .
එබැවින් තරුණ දූ දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන් තම දූ පුතුන් අත ඇති ස්මාර්ට් දුරකථනය භාවිතා කරන ආකාරයේ පිළිබඳවත්, ඔවුන් විශේෂයෙන් වීඩියෝ ගේම් සඳහා යොමු වී සිටිනවාද? යන්න පිළිබඳවත්, අවධියෙන් සිටින ලෙස වෛද්‍යවරයා සඳහන් කළේය .
COMMENTS
වීඩියෝ ගේම් නොතිබුණ යුගවල තරුණ දරුවන්ගේ දිවිනසාගැනීම් වාර්තාවෙනවා. ඒකට හේතුව චක්ගුඩු කියන ගේම් එක වෙන්න ඇති.