
(අධිකරණ උපාලි ආනන්ද)
25 හැවිරිද එක්දරු මවක සිය ශරීරය තුළ තැන්පත් කළ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය තරුණ මවගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ චෝදනාවට වරද කරුවූ වෛද්‍යවරයකුට වසර 15ක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැමිණිළිකාරියට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස ද අද නියෝග කළේය.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක්ද නියම කරනු ලැබීය.
වන්දියට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස නියෝගය කළ විනිසුරු ආචාර්ය නලින්ද ද සේවාවසම් මහතා එම දඩු මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක්ද නියම කෙරිණ.
විත්තිකාර වෛද්‍යවයාට දඬුවම් නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැවසුයේ විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය සමත්ව ඇති බවයි.
ඒ අනුව විත්තිකරු එරෙහිව එල්ල කර තිබූ ස්ත‍්‍රි දුෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බවද මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...
ඔන්න පළිගන්නවෝ...!
වෛද්‍යවරයෙක් නම් නෙවෙයි, මෙයාට තියෙන්නේ MBBS එක රෝල් කරලා ගහගන්න...
හපොයි ගෞරවනීය වෘත්තියකට ගිය කල…!
GOMA සංගමය ස්ට්‍රයික් එක කවදද?
නම් ගම් සහිතව වෛද්‍යවරයාගේ තොරතුරු ප්‍රසිද්ධ කරන්න. ඒ සඳහා නීතිමය බාධාවක් නොමැත.
මූ වෛද්‍ය සභාවේ එකෙක් නෙමෙයි නේද? ඔක්කොම වැරදි කරන උන් ඒකේ නේ . නැත්නම් උන් උද්ඝෝෂණය කරනවානේ.