IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන  බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ  ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා පැවසීය.

ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන  ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ  පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස  උපරිම මැදිහත්වීම කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුවේ  පැවසීය.

සේවක හිඟය, ගොඩනැගිලි නවීකරණය සහ මධ්‍යස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික යොවුන් සේනාංකයේ ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය හා ජාතික තරුණ සේවා සභාවේ ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට ජාතික නායකත්ව සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චන්දිමා මනම්පේරි මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site