පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම් සභාවට අද පෙරවරුවේ පැමිණියේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

පැන්ඩෝරා පත්‍රයෙන්  හෙළි කළ  ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශනය කර මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දුන් නියෝග අනුව විමර්ශනය සිදුකරයි.