(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.

එම ගිවිසුම ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පැවසුවේ ආණ්ඩුව ඛනිජ තෙල් සංස්ථාව,ඉන්දීය සමාගම සහ ට්‍රින්කො පෙට්ට්‍රොලියම් ටර්මිනල්  එක්ව 2022 ජනවාරි මස 6 වෙනිදා අස්සන් කෙරුණු ගිවිසුම සියලු ඇමණුම් සහිතව ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම  සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මුද්‍රිත තෙල් ටැංකි යළි රටට වාර්තාවද ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ගම්මන්පිල මහතා මෙසේ පැවසූවේ  අමාත්‍යාංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.