ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිදු අවස්ථාවක විකිණිමක් සිදු නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
තෙල් ටැංකි සංවර්ධනය කිරීම ආයෝජකයින් හා එක්ව සිදු කරන බවත් කිසිදු අවස්ථාවක රටට හානි දායක ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා ඇති අතර ඉන් කොටසක් හෝ නැවත වරක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තමා දැඩි උත්සාහයක නිතරව සිටින බවද ඒ සම්බන්ධ විභාග වන නඩුවක් පවතින බැවින් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙනුයේ කාල සීමාවකට බවත් එය කැබිනට් මණ්ඩල තීරණයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම කඩාකප්පල් කිරීමේ මාෆියාවක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බවයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන ඇමතිතුමෝ, හම්බන්තොට වරාය විකුණන්නට දෙන්නේ නැහැ කියලා කයියක් කෙලියා නේද... වරාය ඇමති කාලේ? අන්තිමට වරාය ඇමැතිකමටත් කෙළවා ගත්තා. තෙල් ටැංකි විකුණන්නේ ඔහෙගෙන් අහල නෙවෙයි. තෙල් ඇමැතිකමටත් කෙලව ගන්නේ නැතිව ඉන්නවා හොඳයි කට වහගෙන... තමුන් ගැන කවුරුත් දන්නවා හොඳට...
ඕක දිරල පොලවට සමතලා වෙනකම් ඉන්නකො බොසා.