IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තියුණු ආයුධ සමඟ හතරක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන  ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී  පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .

සැකකරුවන් සමග කඩු හයක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙහිවල ධර්මපාලාරාම පාරේ මාර්ග බාධක යෙදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සන්තකයේ තිබී  හෙරොයින් මත් කුඩු මිලිගෑම් 20 ක් සොයාගත් බව පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පදිංචි එම  ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එම නිවස  රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන  නිවෙස තවදුරටත් සෝදිසි කිරීමේදී  නිවෙස තුළ තිබී කඩු හයක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

තියුණු ආයුධ සමඟ හතරක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site