
(චන්ද්‍රසේන ගමගේ)
අපරාධ රැසකට සම්බන්ධ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසුව දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තැඹිලි ලහිරුගේ මහ ගෙදර ඊයේ රාත්‍රී කාලයේ ගිනිගෙන විනාශ වී ඇතැයි බව මිද්දෙනිය පොලීසිය පවසයි.
මිද්දෙණිය කුඩගල ආර ප්‍රදේශයේ මිද්දෙණිය වීරකැටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව මෙම නිවස පිහිටා ඇති අතර ගින්නෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ.
පොලිසිය පවසන්නේ මුල් කාලයේ තැඹිලි ලහිරු හා පවුලේ අය ජීවත්ව ඇත්තේ මෙම නිවසේ බවයි.
පසුගිය කාලයේ මෙම නිවසේ කිසිවකු වාසය කොට නැති අතර ඉඳ හිට තැඹිලි ලහිරුගේ මව නිවසට පැමිණ ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd