
(විමුක්ති එස් රුද්රිගූ)
තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයින් 89,000 කට වැඩි පිරිසකට ඉන්දියානු පුරවැසිභාවය හෝ දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබා දෙන්නැයි තමිල්නාඩු මහ ඇමතිතුමා එම්.කේ ස්ටාලින් මහතා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ නමුත් තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයට මාස දෙකකටත් වඩා අඩු කාලයක් තිබියදී ස්ටාලින් මහතා මෙම ඉල්ලීම සිදුකර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවෙන් පලාවිත් තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ට ව්‍යවස්ථාමය සහ මානසීය විසඳුමක් ලබා දීම ඉතා වැදගත් බවද ඔහු ප්‍රකාශ කර ඇත.
ඔහු ලිපිය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 1983 වසරේ සිට පැවැති තමිල්නාඩු ප්‍රාන්ත රජයන්, මධ්‍යම රජය සමග එකතුවී දසට හතරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සිට පළා එන දෙමළ ජාතිකයන්ට අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සිට පැමිණි දෙමළ ජාතිකයන් 89,000 තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත්වන බවත් ඉන් වැඩි පිරිස වසර තිහකටත් වඩා වැඩි කාලයක සිට තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත්වන අය බවත් මහ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
එම පිරිසෙන් සියයට හතළිහකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉපදී ඇත්තේ ද තමිල්නාඩු ප්‍රාන්තයේ බව ස්ටාලින් මහතා පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd