
(පද්මසිරි ගාර්දියවසම්)
හම්බන්තොට, තම්මැන්නාව දක්ෂිණ රක්ෂිතයේ තිබී මියගිය මුවන් 17 දෙනෙකුගේ මළසිරුරු හමුවී ඇතැයි පොලිසිය පැවසීය.
හම්බන්තොට වනජීවී කාර්යාලයට ප්‍රදේශ වාසියකුගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව මෙම මියගිය මුව රංචුව සොයාගෙන තිබේ .
මුව රංචුව මියගොස් සිටි ස්ථානයට යාබදව තිබී යූරියා පොහොර අඩංගු බෑගයක්ද වනජීවී නිළධාරින් විසින් සොයාගෙන තිබේ .
යම් අයකු මුවන්ට ජලය පානය කිරීම සදහා දිය කඩිති සහිත වලවල් සකස් කර එම ජලයට යූරියා දියකර ඇති බවත් එම ජලය පානය කල මුවන් මිය යන්නට ඇතැයි සැකකරන බවත් වනජීවී කාර්යාලය පැවසීය .
මියගිය මුවන් පරීක්ෂණ කටයුතු සදහා උඩවලව වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd