
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවට ආවේනිය මත්ස්‍ය විශේෂයක් වන ‘තබුවා’ මාලු කිලෝග‍්‍රෑම් 60 කට වැඩි ප‍්‍රමාණයක් බි‍්‍රත්‍යානයට අපනයන කිරීමට සූදානම් කර තිබියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්ඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ආදාල අපනයන සමාගමේ අධ්‍යක්‍ෂවරයකුගෙන් මේ පිළිබඳව ප‍්‍රකාශයක් කරගත් බව රේගු ජෛව විවිධත්ව ආරක්‍ෂණ අංශයෙන් කළ විමසුමකදී පැවැසීය.
මත්ස්‍ය තොගය රාජසන්තක කිරීමට පියවර ගත් බවත් පරීක්‍ෂණ අවසන්වීමෙන් පසු අදාල සමාගමට දඩයක් නියම කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම මත්ස්‍ය විශේෂය ධීවර හා ජලජ සම්පත් පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයකින් ඇල්ලීම, විකිණීම, ප‍්‍රවාහනය, සන්තකයේ තබාගැනීම සහ අපනයනය තහනම් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගල්මාළු කියලා ලංකාවේ කියන්නේ. මාලදිවයිනේ අය කියන්නේ ගරුපා කියලා ...ගල් අස්සේ ඉන්න මාළු ජාතියක් .. ගන් ෂූට් කරලා තමයි අල්ලන්නේ.. ගොඩාක් වේලාවට... මාලදිවයින්වල මේක තහනම් කරලා නැහැ.
ඉතින් මාලු ටික දැන් මැරිලනේ...?
පෙනුමෙන් මලට් කියලා සුද්දෝ කියන්නේ මේ ගල් මාලුන්ටයි.
මොන පිස්සු වැඩක්ද? මාලු මාකට් එකට ගියාම මේ වර්ගයේ ගල්මාලු ඕනෑ තරම් තියෙනවා.