(විනීතා එම් ගමගේ)
සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක‍්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසාතැබීමෙන් දෙපාර්තමේන්තුවේ වියදම විශාල වශයෙන් අඩුවන බැවින් ඒවා වසා තැබීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සාමාන්‍යයෙන් එක් සෙනසුරාදා දිනක තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමේ දී රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වැයවන අතර එවැනි දිනයක ආදායම ලැබෙන්නේ රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම රුපියල් මිලියන 20 න් රුපියල් මිලියන 18 ක් සෙනසුරාදා දිනය සදහා ගෙවන අමතර දිනක වැටුප සදහා ද ඉතිරි මිලියන දෙක දිනයට අදාල අතිකාල සදහා ද වැය වෙයි.
කෙසේ වෙතත් මෙම තීරණය පිළිබදව තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කර ඇත.
මේ සම්බන්ධව තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ දන්වා ඇත්තේ කොරෝනා රෝගය පැතිර ගිය සමයේ තැපැල් සේවකයින් කළ කැප කිරීම් නොසලකා හරිමින් තැපැල් සේවකයින් ඉමහත් කැප කිරීමකින් උපයාගන්නා අතිකාල දීමනාව හා සෙනසුරාදා දීමනාව කප්පාදු කිරීමට මෙම තීරණය ගෙන ඇති බවය.
මේ පිළිබ`දව වෘත්තිය සමිතිවල දැඩි විරෝධය පළ කරන බවත් වහා එම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියෙන් දන්වා ඇත.
මේ අනුව සියලූ තැපැල් සේවකයින් හෙට (7* මධ්‍යම රාත‍්‍රියේ සිට තම සාමාන්‍ය සේවාවාරය පමණක් ඉටු කරන බවත් අතිකාල කිරීමට බල නොකරන මෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එම ලිපියේ ස`දහන් කර ඇත.
එමෙන්ම කිසිදු පුරප්පාඩුව හෝ වෙනත් අතිරේක සේවාවාරයක සේවය කිරීමට බල නොකරන මෙන් ද එමගින් ඉල්ලා ඇත.
මේ පිළිබදව තැපැල්පති රෝහණ ආරියරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමක දී ඔහු සදහන් කළේ අද (06) වෘත්තිය සමිති සමග කරන සාකච්ඡුාවක දී තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන බවය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය තුල අද දින තැපැල් හා උපතැපැල් කාර්යාල වසා තැබීමට ගත් තීරණය ක‍්‍රියාත්මක වන බවත් හෙතෙම කියාසිටියේය.
COMMENTS
අනේ එහෙනම් තව දවසක් වහමු..., සතියට දවස් 4ක් හරියට වැඩ කරමු. ඉතිරි දවස් ටික වගාකරමු.
රජයේ කාර්යාල ඔක්කොම වහලා දැම්මා නම් මුළුරටම ගොඩ ගන්න පුලුවන් කියලා බන්දුල ගුණවර්ධන මහත්තයාටවත් තේරෙන්නේ නැද්ද?
සෙනසුරාදා දිනයක් වැඩ නොකිරීමෙන් ජාතික ධනය රුපියල් මිලියන 17 ක් ඉතිරි වෙනවා. පොඩි පහේ ඕටී කෙරිල්ලක් එහෙම නොවෙයි... වත්තීය සමිති කාරයිනුත් එක්ක තමයි වැඩේ බේරගන්න බැරි.. රටට හෙණ ගැහුවත්, තමන්ගේ මල්ල පිරෙන්න ඕනෑ... ඒක තමයි න්‍යාය.
වෘත්තීය සමිති කැමති වුනේ මොනවටද..? ෆින්ගර් ප්‍රින්ට් ඉන් අවුට් එකටත් විරුද්ධ වුනානේ.. වෘත්තීය සමිති වල ඕනවට නෙමෙයි රටේ යහපත සලකලා තීන්දු තීරණ ගන්න. බොහොමයක් රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි. මේවා ගැනත් අවධානය යොමු කරන්න.
සමහර ආයතන කොරෝනා නිසා සේවකයෝ වැඩට එන්නේ එකා දෙන්න දවසක් හැර දවසක්. හැබැයි අතිකාල පැය කරන්න ඔක්කොම ඉන්නවා. සෙනසුරාදට අතිකාල කරන්න ඔක්කොම එනවා.
පසුගිය මාස දෙකක කාලය තුළ නොවැටී රාජ්‍ය සේවා පවත්වාගෙන යෑම සිදුවුණා.. එහෙම නම් ඒ ආකාරයට ඉදිරියටත් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා. එවිට අතිකාල දීමනා විදියට රජය දරණු ලබන වියදම් විශාල ලෙස රජයට ඉතිරි වෙනවා. මිනිසුන්ට නිතර අවශ්‍ය වන ආයතන සෙනසුරාදා,ඉරිදා දිනවලදී විවෘත කිරීම කල හැකියාවක් පවතිනවා ඒ ඒ නිලධාරීන් කොටස් වශයෙන් සේවයට ගෙන්වීම තුළ ප්‍රවාහන සේවා තුල තදබදය අඩුවිම අතිකාල ගෙවීමට නොමැති නිසා රජය දරණු ලබන වියදම් සීමාවීම රොස්ටර් ක්‍රමයක් ඇති කිරීමෙන් ජලය, විදුලිය ආදිය සඳහා රාජ්‍ය ආයතන දරණු ලබන වියදම් අඩුවිම, මහජනයා සේවා සලසා ගැනීමට පහසු දිනවල පැමිණීම නිසා සේවා සපයන ආයතන තුල තදබදය අඩුවිම, හඳුනාගත් සමහර රාජ්‍ය ආයතන තක්සේරු දෙපාර්තමේන්තුව වගේ රාජකාරි දින හතරකට සීමා කිරීම... වැනි දේ රජයට වාසිදායකය. අත්‍යාවශ්‍ය සේවා අවස්ථාවල ඔවුන් අතිරේක සේවාවල යෙදවීම ගෙවිම් වලින් තොරව ආදිය කළ හැකිය..
ආයතන තියෙන්නේ ඉතිරි කරන්න නෙමෙයි. ආදායම් උපයන්න. එහෙම සැලසුම් නැති වුණාම වහලා දාලා මිනිස්සුන්ගේ OT එකට කෙලලා ඉතිරි කරා කියලා පාරම් බානවා. මරු තියරිය...
මහජන මුදලින් තමන් ලබා ගන්නා වැටුපට අද රටේ කීයෙන් කී දෙනාද අවංකව තම සේවය ඉටුකරන්නේ...? මෙම ආයතනයටත් එය අමුතුවෙන්ම කියන්න ඕනෙද මන්දා.. අවංකවම තමන් ලබන වැටුපට සරිලන සේවයක් තමන්ගෙන් ඉටු වන්නේද යන්න ඔබ සැමත් නැවතවරක් සිතා බැලීමෙන් ඔබලා අතරින් කීදෙනෙකුට අවංකව සතුටුවිය හැකිද? අනේ මම ගන්න වැටුපට සරිලන සේවයක් කරමි යන දැහැමි වචන ටික තමන්ටම කියාගන්න.. මෙම අදහස් අප රටේ සියලුම රජයේ සේවකයන් කියවා බලා අඩුතරමින් දැන්වත් තම තමන්ගේ යුතුකම් රට වෙනුවෙන් ඉෂ්ඨ සිද්ධ කරයි යන්න. දියවන්නාවේ 225ට නම් මේවා අදාළ නොවේ..
ලෝකෙත් එක්ක ඉදිරියට යන්න බැරි මේ කාළකන්නි වෘත්තීය සමිති නිසයි.
පුලුවන්නම් විදුලිබල මණ්ඩලෙයි, ජල සම්පාදනෙයි සෙනසුරාදා ඉරිදා දෙකම වහලා දාන්න. මෙයාල සතියම අයිස් ගහලා සියලුම නඩත්තු කටයුතු කරන්නේ ඔය දවස් දෙකේ ඩබල් ඕටී ගන්න. ගෙදර ඉන්න දවස් දෙකට ලයිටුයි, වතුරයි නැතුව අපි දුක් විඳිනවා.. බිලුත් ගෙවාගෙන.
ජනතාවගේ නියෝජිතයන් යයි කියන එහෙත් පක්ෂ නායකයින් විසින් නම්කරන පින්ගුත්තරයින් 225 දෙනෙකුට ජනතා මුදලින් යානවාහන වරප්‍රසාද දීමනා ආදිය දෙමින් නඩත්තුකරන එක නවත්තලා පාර්ලිමේන්තුව වහලා තියෙන එකෙන් රටට වෙන ඉතිරියත් ඔය ගමන්ම කිව්වා නම්?
කුණු ගෙනියන වාහනේ එන කෙනාට, ලියුම් බෙදන කෙනාට අපේ පැත්තේ නම් අව්රුද්දට දෙපාරක් සම්තින් එක නොදුන්නොත් හුටා තමයි. කොහොමත් පින් පඩි ගන්න රාජ්‍ය සේවයේ එවුන් ඉන්න රටේ ලියුම් බෙදන එක නම් පින් පඩියක් කියන්න බැහැ. අව්වේ වැස්සේ දුවිලි කාගෙන බල්ලෝ කවාගෙන කරන රස්සාවක්. තවමත් බයිසිකලේ පදින එකම ආණ්ඩුවේ රස්සාව වෙන්න ඕනේ. හැබැයි මේ අතිකාල ගැන කියන එකට නම් කියන්න ඕනේ හෙන ගහපන් කියල. රස්සාවට එන්නේ අතිකාල ගන්න නම් ඩබල් පින් පඩි.
ප්‍රායෝගික නැති උනත් දියවන්නාවේ පින්ගුත්තර මඩුව වහල දාගන්න පුලුවන් කමක් තියෙනව නම් මීටත් වැඩිය ඉතිරියක් කරගන්න පුලුවන් වෙයි.
අනේ කොරෝනා නංගී ඔයා ලංකා මාතාව සමග සම්බන්ධ නොවුණා නම් අපේ ආණ්ඩුවෙ වැඩ කරන අයට මෙහෙම වෙන්නේ නැහැ. තව ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැහැ. මොනවා කරන්නද? අරගල කරන්නත් බැහැ. කොරෝනා නංගි කොතන ඉන්නවද දන්නේ නැහැනේ...
සතියේ දවස්වලටවත් තැපැල් කන්තෝරුවලට සෙනඟ එනවා අඩුයි. බිල් ගෙවන්න, දඩ කොලේ ගෙවන්න වගේ අත්‍යාවශ්‍ය දේකට හැරෙන්න ලියුම් යවන මුද්දර ගන්න ඒවත් දැන් හොඳටම අඩුයි.
අනේ ,! මට බනින්න නං එපා. මං මේ කියන්නේ කාටත් හිනා යන කතාවක්. මෙය කාටවත් මඩ ගැසීමක් නොවෙයි හොඳේ. ඔන්න කාටද ටෙලිග්‍රෑම් එකක් යවන්න ඕනෑ වුණාලු... යවන්න ඕනෑ වෙලා තිබිලා තියෙන්නේ " තේ වතු රජය පාලනයට ගනී " යන්නලු. ඒ දිනවල ටොම්, ආතර්, නෙළී ආදී වශයෙන් කෝඩ් අනුව කියනා විට කලබලයට වැරැදි අයුරින් ලියැවිලා.... තේවතු කියන එකට රජය කියන වචනයේ ඇති ර යන්න එකතු වෙලා. ආය වෙනත් කාර්යාලයකට යනකොට ජය යන වචනය තනිව ඇති නිසා එයට පාල කියන කොටස එකතුකරලා... අන්තිමේ ටෙලිග්‍රෑම් එක ගිහිල්ලා තියෙන්නේ " තේ වතුර ජයපාල ණයට ගනී " කියලයි.