(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුතෙන් නම් කෙරුණු තානාපති වරයෙක් සහ සංස්ථා සභාපතිවරු පස්දෙනෙක් සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කෙරුණු උදය ඉන්ද්‍රරත්න මහතාය.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ඒ ගල්කැටිය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය සමිත හෙට්ටිගේ, සීමාසහිත ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති වෛද්‍ය උදේනී ජේ දසනායක, සීමාසහිත ලංකා පොස්පේට් සමාගම සමාගමේ සභාපති පී ටී නදීර සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජේ.එම්යූ.බී ජයසේකර කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටින සංස්ථා සභාපතිවරු වෙති.
අලුතෙන් පත්කෙරුණු තානාපතිවරයා සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් යම් චෝදනාවක් හෝ කරුණු දැක්වීමක් කිරීමට අවශ්‍ය නම් එම තොරතුරු ඇතුළත් ලිඛිත සන්දේශ නොවැම්බර් 13 හෝ ඊට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. යන ලිපිනයට යොමු කළ හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ හොරුන්ගේ සුදුසුකම් බලන්නේ කවුද?