IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තානාපතිවරයෙක්-සංස්ථා සභාපතිවරු 5ක් මැතිසබය හමුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අලුතෙන් නම් කෙරුණු තානාපති වරයෙක් සහ සංස්ථා සභාපතිවරු පස්දෙනෙක් සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කෙරුණු  උදය ඉන්ද්‍රරත්න මහතාය.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ඒ ගල්කැටිය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය සමිත හෙට්ටිගේ, සීමාසහිත ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති වෛද්‍ය උදේනී ජේ දසනායක, සීමාසහිත ලංකා පොස්පේට් සමාගම සමාගමේ සභාපති පී ටී නදීර සහ  රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජේ.එම්යූ.බී ජයසේකර කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටින සංස්ථා සභාපතිවරු වෙති.

අලුතෙන් පත්කෙරුණු තානාපතිවරයා සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් යම් චෝදනාවක් හෝ කරුණු දැක්වීමක් කිරීමට අවශ්‍ය නම් එම තොරතුරු ඇතුළත් ලිඛිත සන්දේශ නොවැම්බර් 13 හෝ ඊට පෙර ලේකම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්යාංශය,  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. යන ලිපිනයට යොමු කළ හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.



අදහස් (1)

තානාපතිවරයෙක්-සංස්ථා සභාපතිවරු 5ක් මැතිසබය හමුවට

Viraj Perera Monday, 31 October 2022 12:00 PM

එතකොට මේ හොරුන්ගේ සුදුසුකම් බලන්නේ කවුද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site