(උපුල් හේරත්)

තන්තිරිමලේ තුප්පිටියාවේ ගම්මානයේ ඊයෙ සවස ඇති වූ ගින්නකින් අඹවගාවක්,පොල් වගාවක් ඇතුළු  අක්කර 75 - 100 අතර ප්‍රමාණයක් දැවී ගොස් ඇතැයි තන්තිරිමලේ පොලිසිය කියයි.

තන්තිරිමලේ පොලිසිය සහ ගම්වාසීහු එක්ක දැඩි වෙහෙසක් දරා ගින්න මේ වන විට පාලනය කරමින් සිටින බව දැන ගන්නට ඇත.

මහවිලච්චිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය අයත් මෙම ගම්මානය විල්පතුව කැලේට ආසන්නයේ පිහිටා ඇත. දැනට පවතින වියලි කාලගුණයත් පවතින දැඩ සුළඟත් නිසා ගින්න මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු ව ඇතැයි තන්තිරිමලේ පොලිසියේ උසස් නිලධාරයෙක් අප කළ විමසීමකදී පැවැසීය

ඔයාමඩුව සිට තන්තිරිමලේ දක්වා පිහිටි ප්‍රධාන මාර්ගයේ සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි තුප්පිටියාව 07 කණුව ප්‍රදේශය ගින්න හට ගෙන ඇත.

අප කළ සංචාරයකදී දැක ගත හැකි වූයේ සංජය රාජකරුණා ගොවි මහතා  වගා කළ අඹ වගාවක් විනාස වී ඇත. ඔහු මේ පිළිබඳව මෙසේ අදහස් දක්වයි.

මම අනුරාධපුර පහේ ඇල සාවස්තිපුර ලිපිනයේ පදිංචිව සිටිනවා. මගේ වෘත්තිය ලෙස වගා කරමින් ජීවත් වෙනවා. අක්කර කිහිපයක් ගින්නක් පැතිර යන බව මගේ මිතුරෙක් මට දුරකථනයෙන් දැනුම් දුන්නා.ම ගේ පුතත් මමත් ඉතාමත්ම ඉක්මනින් මගේ වගා භූමියට පැමිණ විශාල වෙහෙසක් දරා ගින්න නිවීමට කටයුතු කළා. ඒ වන විට පොල් ගස් දහයකට අධික ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා.

මේ අයුරින්ම පෙර වර්ෂයේද මේ ගිනි ගැනීම සිදුවුණා.මීට අමතරව වතුර මෝටරයක්,අඟල් තුන හමාරයේ විෂ්කම්භය ඇති නල පද්ධතියක් ,ශාකයක් අතර ශාකයකට ජලය මුදා හරින කුඩා බට විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා.අවුරුදු දෙකහමාරය අඹ පැළඳුම් දහයක් පමණ ගිනි ගත්තා. ඊට අමතරව අවුරුද්දේ අඹ පැළ පහකුත් මේ ගින්නට හසු වී විනාශවුණා.

මෙම අපරාධය සිදුකළ තැනැත්තා පිළිබඳව කදිනම් විමර්ශනයක් සිදු කරනලෙස සංජය මහතා කියා සිටී.