බිමල් ශ්‍යාමන් ජයසිංහ 
 
                              
පිළියන්දල වීරසිංහ  මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු  තරුණයන් 12 දෙනෙක් අද (14) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 
 

එම තරුණයන්  රැගෙන ආ බව කියන යතුරුපැදි අටක් පොලිස් බාරයට ගෙන ඇත. 
 
ගල්කිස්ස පානදුර කොහුවල මොරටුමුල්ල  ආදී ප්‍රදේශවල සිට  පිළියන්දලට පැමිණ  අපරික්ෂාකාරී ලෙස  යතුරුපැදි  පදවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්  මහතා පැවසීය.