(ෂේන් සෙනෙවිරත්න සහ  මොහොමඩ් ආසික්)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට මේ මස 28 වැනි දින දක්වා නිවාඩු දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන මහත්මිය පවසයි.

දෙසැම්බර් මස 23 වැනි දින සිට පාසල් සඳහා නත්තල් නිවාඩුව ලබාදීමට නියමිත තිබූ අතර නැවත පාසල් ආරම්භ වීමට නියමිතව තිබුනේ 29 වැනිදාය.

කෙසේ නමුත් මේ දිනවල මධ්‍යම පළාතට පවතින අයහපත් කාලිගුණික තත්ත්වය හමුවේ ඊට පෙර මධ්‍යම පළාතේ සියලු පාසල් වලට නිවාඩු දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදුන් මධ්‍යම පළාතේ පාසල් අතරින් අවදානම් නොමැති පාසල් ඉකුත් 16 වැනිදා සිට නැවත ආරම්භ කෙරුණි.

මේ අතර මහනුවර මහමායා බාලිකා විදුහලට ඉහළින් ඇති කඳුකර ප්‍රදේශය නාය යාමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම පාසල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.