IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ්

(නිමන්ත රණසිංහ)

යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස්  දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා) සංඛ ලක්මාල් දිසානායක,(පුතා) ඉෂාරා සඳමාලි දිසානායක(දි්‍යණිය)විනද්‍යා දිසානායක(දියණිය) සහ කේමින්ද දෙනවක් (බෑනා) යන පස් දෙනාය.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බුර්කාවකින් සැරසී  වෙස්වලාගෙන සිටි බවත් විශේෂ මෙහෙයුමක් අත්අඩංගුව ගත් බව කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියා සිටියේය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 108 ලැබී ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ලේම මෙයට අදාල පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන ඒකක පහ හී ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් දන්තනාරායන මහතා විසිනි

 



අදහස් (2)

තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ්

Raveendra Thursday, 01 April 2021 02:37 AM

සීනි ,පොල්තෙල් හොරුන්වත් ඔය විදියට නම් ගම් දාලම හෙලි කරල අත්අඩංගුවට ගත්ත නම් තමයි හොද සර්..

:       2       55

දිමුත් Thursday, 01 April 2021 03:28 AM

බුර්කාව තහනම් කළ යුතුයි.

:       6       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site