(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ 20 කණුව ප්‍රදේශයේදී පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් බිමට වැටී එම ත්‍රීරෝද රථයටම යටවී අවුරුදු එකයි මාස දෙකක් වයසැති දැරියක් (23) මියගිය බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ගමේ වෙල වත්ත පදිංචිව සිටි සිලනි රුවන්‍යා නැමැති දැරියකි.
ත්‍රීරෝද රථයේ පිටුපස මව සහ ඇයගේ සහෝදරියන් දෙදෙනා සිට ඇති අතර දැරිය මවගේ පාද දෙක අතර තබා තිබෙන ඇඳුම් බෑගයක් මත සිටගෙන ගමන් කර තිබු බව පොලිසිය කියයි
අනතුරුව දැරිය මවගේ ඔඩොක්කුව වෙත පැමිණීමට උත්සාහ දැරීමේදී ත්‍රිරෝද රථයෙන් පිටතට විසිවී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත
ත්‍රිරෝද රථයේ දකුණු පස මව අසුන්ගෙන තිබූ අතර එකවරම දැරිය ත්‍රිරෝද රථයේ දකුණු පසින් හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයට වැටීමත් සමගම එම තීරෝද රථ යේම දකුණුපස පිටුපස රෝදයට ඇයගේ හිස සහ දකුණු අත යටවී අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ දෙමව්පියන් බරපතළ තුවාල ලද දැරිය හොරණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මකව වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබා දුන්නද මද වේලාවක දී දැරිය මියගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් සි සේරසිංහ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ඉන්දික පොලිස් සැරයන් 60503 දිමුතු පොලිස් කොස්තාපල්වරුන් වන 41802 රත්න බණ්ඩාර 74802 සම්පත් මහත්වරු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාද ඔබද කෙතරම් නොසැලකිලිමත්ද? අනේ අපොයි
බොහොම කණගාටුදායක පුවතක්.. මෝඩ දෙමව්පියන්ගේ වරදින් අහිංසක ජීවිතයක් නැති වුණා. මේවගේ අය මොකට අම්මලා, තාත්තලා වෙනවද කියලා මටම හිතාගන්න බැහැ...