(නිමල කොඩිතුවක්කු)
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් බිහිකිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "සක්වල" වැඩසටහන තණමල්විල බෝදාගම මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණ.
සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු" සහ නවීන පරිගණක පරිත්‍යාග කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
"සක්වල" වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් වටිනා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
දුෂ්කර පාසල් තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ට නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් "සක්වල" වැඩසටහන නිර්මාණය කර ඇති බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි... කොහොමටත්..! පිටසක්වලින් තමයි ඡන්දය ඉල්ලන්න වෙන්නේ...
හොඳ වැඩක්... හැබැයි ඔයවගේ දෙතුන් ගුණයක් ප්‍රචාරණයට, පෝස්ටර්වලට වියදම් කරන්න එපා...
දුෂ්කර ගම් දනව්වල දුගී දුප්පත් දරුවන්ට නවීන තාක්ෂණය "සක්වල" වැඩසටහන මගින් ගෙන යෑම ඉතාම කාලෝචිත දෙයක් විපක්ෂ නායකතුමෝ. දැන් ඉන්න ආණ්ඩු ඔක්කොම කරන්නේ තමන්ගේ සාක්කුවට සල්ලි දාගන්න එක මිසක් දුප්පතාටවත්, දරුවන්ටවත්, රටටවත් කිසිම සෙතක් නැහැ. අද රට බංකොළොත් වෙලා තියෙන්නේ ඒකයි. කිසිම හොරකමක් කර නැති ඔබතුමා සමගි ජනබලවේගය හදනකොට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණා සේ... රටේ ඊළඟ නායකත්වය නිතරගයෙන් මහජනතාව ඔබතුමාම විශාල ඡන්ද ගණනකින් දිනවන බව ඒකාන්තයි...