(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ දුරකතන 500ක පමණ විශ්ලේෂණ වාර්තා සසඳමින් පරීක්ෂණ කටයුතු සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරු අසනීප තත්වය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් අවරුදු කීයක්ද ?
මේවා යට යන කාලය පැමිණ තිබේ. පුදුම විය යුතු නැත. අසනීපෙන් සිටින සියල්ලෝ ඉක්මනින් සුවපත් වෙත්වා කියා අපි ප්‍රාර්ථනා කරනවා !
මෙම නඩුව අහන්නේ මැතිවරණ කාලයට විතරක් වෙන්න ඇති.
අනේ ඉතින් ඒකත් හරියට ගොනු කරලා නැහැ කියලා අහක දාන්නකෝ අපට වද නොදී. කරපු අයට කොහොමත් ස්වභාව ධර්මයෙන් අවශ්‍ය දඩුවම් ලැබෙන එක නීතියෙන් වළක්වන්න බැහැනේ.