IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට

(කවීෂා ගරුසිංහ)

තංගල්ල කොඩිගමුව ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස කරා ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ රන්න සිට තංගල්ල බලා ගමන් කරමින් සිටි ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර වෑන් රථයේ සිටි එකම පවුලේ පස් දෙනකු එහි සිට ඇත.

එම පස් දෙනා සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කළ පසු එහි සිටි කුඩා බිළින්දිය ජීවිතක්ෂයට පත් වී ඇත.

බරපතල තත්වයේ පසු වන බිළින්දියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 



අදහස් (0)

තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site