
(සුජිත් හේවාජුලිගේ)
තේ වතු හිමි ව්යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්රදේශයේ නිවසට ඊයේ කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල කර පලා ගොස් ඇතැයි ඕපාත පොලිසිය සඳහන් කරයි.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා අැත
සැකකරුගේ පුතකු මෙසේ තුවාල ලබා රෝහල්ගතව සිටින අඹුසැමි යුවළකගේ පුතකු විසින් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙය සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
බරපතල තුවාල ලැබූ කාන්තාව මාතර මහ රෝහලේද ඇගේ සැමියා උඩුගම මූලික රෝහලේද ප්රතිකාර ලබමින් පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් යම් සිදුවීම් වලට සාධාරණය සිදුවිය යුතු තැන් වලින් සිදු නොවීම, සිදුවීම වැලැක්වීමට ලොකු මුදල් කුට්ටි වලට සමහර පුද්ගලයින් කටයුතු කිරීමෙන් සිදුවන බලවත් අසාධාරණය නිසා අගතියට පාර්ශ්වය තුළ හට ගන්නේ බද්ධ වෛරයක්. එවැනි සිද්ධියක අතුරු ප්රතිඵල තමයි මෙවැනි සිදුවීම්. මේවා කවදා විසඳෙයිද ?