
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඕලුගංතොට ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක අද (28) දා ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.
කර්මාන්තශාලාවේ හට ගත් ගින්න හේතුවෙන් ඇඔරිමට සුදානමි කර තිබු තේ දළු සහ නිමි තේ කොළ විශාල තොගයක් විනාශ වි ඇති බවත් මෙි හේතුවෙන් රුපියල් ලක්ෂ අසුවක අලාභ හානියක් සිදුව ඇති බවත් එහිදී හිමිකර පොලිසියට ප්‍රකාශ කර ඇත.
මේ අතර ගින්න හට ගැනිම හේතුවෙන් තේ කර්මාන්තශාලාවෙි තේ නිෂ්පාදනය කිරිම නතර කර ඇති අතර එම තේ දළු වෙනත් තේ කර්මාන්තශාලාවකට රැගෙන යැමට එහි කළමනාකරු කටයුතු කර ඇත.
එම තේ කර්මාන්තශාලාවෙි හටගත් ගින්න ව්‍යප්ත විමට නොදි එහි සේවකයින් සහ ප්‍රදේශවාසීන් විසින් නිවා දැමිමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි .
ගින්න ඇති විමට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd