(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

සිය ජපාන සහ පිලිපීන සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.