
(යොහාන් භාසුර)
ඩීසල් හිඟය අද (28) දිනයේ ද රට පුරා දැකිය වූ අතර ඒ හේතුවෙන් කොළඹ නගරය ඇතුළු බොහෝ ප්‍රදේශවල ඩීසල් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකිවිය.
කොළඹ නරගයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 ක සහ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොග පැවැති අතර පෙට්‍රල් ලබාගැනීමට සැළකිය යුතු පෝලිම් නොතිබුණි.
ඩීසල් සහ පෙට්‍රල් සීමා සහිතව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී ඇති බවත් ඒ හේතුවෙන් සීමිත ප්‍රමාණයක් පමණක් එක වාහනයකට ලබාදෙන බවත් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙක් පැවසීය.
පැය කීපයක් පෝලිමේ රැදි සිට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටි අතර හැකි ඉක්මණින් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනි, ඉවසන්න විනීතව නිර්වාණයට යන පෝලිම දිගයි... පින්වතුනි...!
පෝළින් යුගයක් නැවතත් අරඹව් හෙළ භුමි තලේ ලංකා....//
මේක රට කාපු ආණ්ඩුවක්. අත්‍යාවශ්‍ය දේවල්වත් හිඟයකින් තොරව සපයන්න දන්නෙ නෑ...
ඔව් ඉතින් ඔය වගේ පෝලිමේ ගිහින්නේ ‘‘විරුවාට‘‘ ඡන්දෙ දීලා පත්කරගත්තේ. 5000 ගානෙ බෙදුවාම 69 ලක්ෂය ආපහු 2024දී ආයෙත් පත්කර ගනීවි. ලංකාවට ජයවේවා...!