ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.25ක් ලෙසත් දැක්විණි.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් ඩොලර් එක ඉහළ යනකොට දාපු ඒවා?
ඔක්කොම බොරු කයිවාරු විතරයි.
ඔබට දැන් සතුටුද?
රනිල්ගේ ආණ්ඩුව කාලේ අපි මැදපෙරදිග එවලා ඩොලර් එවද්දී අපිට ඩොලර් එකකට ලබුණේ රුපියල් 120ක් වගේ අඩු ගාණක්. දැන් අපේ සර්ගේ ආණ්ඩුව කාලේ අපේ ඩොලර් එකකට රුපියල් 200ටත් එහා ගාණක් ලැබෙනවා. ජයවේවා..!!!