හර්ෂණ තුෂාර සිල්වා
දේශපලාන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) රුපියල් 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 182.54ක් ලෙසත් ගැනුම් මිල 178.32ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.3කින් අවප්‍රමාණය වී තිබේ.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට පසුගියදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි.
කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පැවැසීය.
මේ අතර දේශපාලන අර්බුදය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.1කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ පහුගිය දවස්වල ඩොලරය පිලිබඳ කියූ අය දැන් සද්ද නැත්තේ?
ඩොලරය නගින්න නගින්න පිටරටවල අයට තමයි ලංකාවට ආවහම වාසිය... ලංකාවේ ඉන්න අයට මහා ඛේදවාචකයක්....
අවුරුදු 4ක සැලසුමක් නැති විකෘති පාලනයේ අනිටු ප්‍රතිපල. නැතිනම් විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන්නේ මොන පාලකයාද?
දහම් , මොලේ අමාරුවක් නැති නම් පිටරට ඉන්න කවුරුවත් ලංකාවට මේ දවස් වල එන්න හිතන්නේ නැහැ .
රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ප්‍රතිපත්ති සහ කෙරුවාව තමයි මේ විඳවන්නේ... විදේශ ඇමැති ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටියා... රනිල් දුන්නා ඔන්න මුදල් ප්‍රතිපත්ති අයාලේ ගිය හැටි පෙන්වන උදාහරණ...
ඔන්න ඔය බමුණු මහතාව මුදල් ඇමති කරලා ගන්නකො රුපියලට මොකද වෙන්නේ බලන්න !
නන්දලාල්, සහතික ඇත්ත. රත්තරන් හදන කෝවක දාලා මකලා හදන්න ඕනේ. මෝඩකමේ අන්තයටම ගිහිල්ලා.
සොබිත කියන පුද්ගලයා මට බමුණෝ කීවා නම් එයාට සෝබිතයෝ කීමේ අයිතිය මට තිබෙනවා. ඒ අයිතිය මගෙන් උදුරා දමන්න එපා.