(නිමල කොඩිතුවක්කු)
ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500 ක් පමණ තවමත් වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පවතින ඩොලර් හිඟය හේතුවෙන් දිනකට ඉන් මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 50ක පමණ ප්‍රමාණයක් බවද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම බහාලුම් තුළ පවතින බවත් හෙතෙම කීවේය.
දිනකට වරායෙන් මුදා හරින බහලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුලු බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.
ඩොලර් කඩිනමින් ලබාදී මෙම බහාලුම් මැදා ගැනීමට නොහැකි වුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගජමිතුරු ආනයනකරුවන්ට රජයේ බැංකු වලින් ඩොලර් දෙනවනේ... ඔවුන් රුපියල් දෙසියදෙකට ඩොලර් අරගෙන, බඩුමිල ඩොලර් 250කට මිලදී ගත්තා යැයි ගණනය කර සුපිරි ලාබ ලබනවා. මෙහෙමයි විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් ගසාගන්නේ. ඩොලර් වලට වෙළෙඳපළ වටිනාකම දෙනකං ඩොලර් එවන්නේ නෑ...